ඇමරිකාව ඊශ්‍රායලයට ගහද්දී ඇමරිකාවේ තවත් රහසක් එළියට
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඉරානයට එරෙහිව සිදු කරන යුද්ධයේදී අමෙරිකාව දෛනිකව ඩොලර් මිලියන 890ක් පමණ වැය කරමින් සිටින බව සඳහන් කරයි.
වොෂිංටනයේ කේන්ද්‍රගත උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව, දෛනිකව ගුවන් මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 30ක්, නාවික මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 15ක්, ගොඩබිම් මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 1.5ක් වැය වන බව සඳහන් වේ.
එමෙන්ම යුද්ධය ආරම්භ වූ පළමු දින හය තුළ පමණක් අමෙරිකාව ඩොලර් බිලියන 11.3කට වැඩි මුදලක් වැය කර ඇති අතර, "ඔපරේෂන් එපික් ෆියුරි" ලෙස නම් කර ඇති මෙය මෙතෙක් සිදු කළ මිල අධිකම හමුදා මෙහෙයුමක් බවට පත්ව තිබේ.
ඒ අනුව එම වාර්තාව අනුව, 2025 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ප්‍රහාරවල පළමු පැය 100 සඳහා පමණක් ඩොලර් බිලියන 3.7ක් වැය වී ඇති බවද සඳහන් වේ.
තවද, 2025 ජූනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කළ "ඔපරේෂන් මිඩ්නයිට් හැමර්" මෙහෙයුම සඳහා අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියන 2.26ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.