තෙල් සහනාධාර දුප්පතුන්ට දෙන්න - විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්
තෙල් සහනාධාරය ලබා දීමේදී එය ඉලක්කගතව සැබෑ සුදුස්සන්ට පමණක් හිමි විය යුතු බවත්, කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ උග්‍ර පොහොසතුන්ට එවැනි සහන අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා ජනතාවට සහනයක් වන පරිදි තෙල් සහනාධාර ක්‍රමවේදයක් රජය වහාම ආරම්භ කළ යුතු බවයි.
වර්තමානයේ උපරිම ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ දමා ඇති බැවින්, මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ප්‍රකාරව තෙල් මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට රජය වහාම මැදිහත් විය යුතු බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.