'' ජන­තා­වට ඇති එකම වික­ල්පය සමගි ජන බල­වේ­ගයයි '' සජිත් කියයි

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරන්නේ ජන­තා­වට ඇති එකම වික­ල්පය සමගි ජන බල­වේ­ගය වන බවයි.

සමගි ජන බල­වේ­ගයේ පළාත් පාලන මන්ත්‍රී­ව­රුන්ගේ දේශ­පා­ලන සහ රාජ්‍ය පාලන දැනුම තව­දු­ර­ටත් වර්ධ­නය කිරීමේ අර­මු­ණින් පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවති වැඩ­මු­ළු­ව­කට එක්වෙ­මින් විපක්ෂ නාය­ක­ව­රයා මේ බව සදහන් කර තිබේ.

 තව දුරටත්   විපක්ෂ නාය­කවරයා ­ පළකලේ මෙවන් අදහසක්

සේවයෙන් නෙරපු දුම්රිය රියැදුරාට වසර හතරක් පඩිත් දීලා OT ත් දීලා විශ්‍රාම යවලා

සේවයෙන් නෙරපු දුම්රිය රියැදුරාට වසර හතරක් පඩිත් දීලා OT ත් දීලා විශ්‍රාම යවලා

“මහ­ජන නියෝ­ජි­ත­යන්ට ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳී­මට සිදුව ඇත්තේ අන­තු­රු­දා­යක පරි­ස­ර­යක. දින­ප­තාම වෙඩි පත්තු­වෙන යුග­යක් අද රටේ නිර්මා­ණය වී, ම්ලේච්ඡ­යන්, මිනී­ම­රු­වන්, කුඩු කල්ලි, පාතාල කල්ලි සමා­ජයේ පාල­නය අතට ගෙන සිටි­නවා. ඔවුන් කියන දේ නොක­ළොත් මරණ තැනට නීතියේ ආධි­පත්‍ය බිඳ වැටී යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­ව­ලිය පවා දුර්වල වී ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට මරු පහර එල්ල වෙලා තිබෙ­නවා.මෙයට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි දුර්වල රාජ්‍ය පාල­න­යයි.

නීතියේ ආධි­පත්‍ය සෑම අතින්ම ශක්ති­මත් කිරීම රජයේ වග­කී­මක්. පසු­ගිය කාලයේ වත්මන් රජයේ දේශ­පා­ලන බලය මර­ණා­ධාර සමි­තිය, යෞවන සමා­ජය, සිවිල් ආර­ක්ෂක කමිටු දක්වා ව්‍යාප්ත කර තිබෙ­නවා. එවන් ආණ්ඩු­වට රටේ සාමය ස්ථාපිත කරන්න නොහැකි වෙලා.බොරු පොරොන්දු දී ජන­තාව අනාථ කර සැණ­කෙළි හා සන්ද­ර්ශන දේශ­පා­ල­නයේ නියැළී තාව­කා­ලික ජන­ප්‍රි­ය­ත්ව­යක් නඩත්තු කර­නවා. මේ මහ­ජන නියෝ­ජි­ත­යන්ට පරි­ණත ජනතා සේවා­වක් කිරී­මට අවශ්‍ය වාතා­ව­ර­ණය සකස් කර දෙන ලෙස ඉල්ලා සිටි­නවා. එදා විප­ක්ෂයේ සිටින විට වත්මන් රජයේ මැති – ඇමැ­ති­ව­රුන් ජාතික ආර­ක්ෂාව ගැන පන්ති පව­ත්වන්න යෝජනා කළත් අද ඔවුන්ට මේ ඝාතන රැල්ල නැවැ­ත්වී­මට නොහැකි වී තිබෙ­නවා.”

 

ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්