මේ රාජ්‍ය සේවකයන්ට ඉන්ධන දීමනාව තාම නෑ - නිලධාරීන්ව හෑල්ලු නොකර අවදානම්, සන්නිවේදන හා ඉන්ධන දීමනා ලබාදෙන්න

Report

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ග්‍රාම නිලධාරීන්ට උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාව අතරතුර පවසා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන ලෙසයි.

මෙහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රය රටේ ගම් හදා නගර හදා රට හදන වැඩසටහන්වලට සුවිශේෂ දායකත්වයක් ලබා දෙන රාජ්‍ය සේවකයන් කොට්ඨාසයක් බවත් පදිංචි සහතිකයේ සිට සමාජ සුබසාධනය සමාජ සේවා ඩෙංගු මර්දන ව්‍යාපාර ආදී සෞඛ්‍ය ව්‍යාපාර ආදි සකලවිධ විෂයන් රැසක් වසම් මට්ටමෙන් ඉටු කරන නමුත් මේ වන විට ගම්මන්පිල වාර්තාවෙන් නිර්දේශිත යෝජනා 3න් එක් යෝජනාවක් පමණක් ක්‍රියාත්මක කර ක්ෂේත්‍රයේ විශාල කාර්යක් ඉටු කරන ග්‍රාම නිලධාරීන්ට දෙනවා කියූ ලීටර් 20ක ඉන්ධන දීමනාව සේම රු.750 සිට රු.1500 දක්වා වැඩි කරනවා කියූ සන්නිවේදන දීමනාව වැඩි කිරීමටද රජය කටයුතු කර නොමැති බවයි.

සෑම ලාංකිකයෙකුටම වාහනයක් - වාහන මිල අඩු වීමක් ගැන ප්‍රකාශයක්

සෑම ලාංකිකයෙකුටම වාහනයක් - වාහන මිල අඩු වීමක් ගැන ප්‍රකාශයක්

වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මීට වඩා ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවාව ඉතාම ප්‍රශස්ත මට්ටමින් රටේ ජනතාවට ක්‍රියාත්මක කරන්න නම් මේ දීමනා ලබා දීම වැදගත් බවත් 2024 කැබිනට් පත්‍රිකාවක් තුළින් මේ නිර්දේශ ඉදිරිපත් වූ බවත් මෙහි දී යෝජනා 3න් එකක් ක්‍රියාත්මක කළා නම් ඉතිරි 2ත් ක්‍රියාත්මක කළ යුතු නිසා වහාම මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවයි.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ පැය 24ම රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරීවරුන් පොදු ජනතාවගේ දුකේදීත් සැපේදීත් බිම් මට්ටමේ ජනතාවට සමීපතම රාජ්‍ය නිලධාරීන් ලෙස මොවුන් කටයුතු කරන බවත් මොවුන්ට ආපදා හා අවදානම් දීමනා සේම දින 14 අවදානම් දීමනාව පවා නොලැබෙන බවත් මේ වන විට රජයේ වැඩසටහන්වලින් පවා මොවුන් ඉවත් ව ඇත්තේ ඉල්ලීම්වලට සාධනීය විසදුම් නොලැබීම නිසා බවත් වත්මන් රජය ග්‍රාම නිලධාරීවරුන් හෑල්ලුවට ලක් නොකර ඉන්ධන හා සන්නිවේදන දීමනා සේම අවදානම් දීමනාවක් ද ලබාදිය යුතු බවයි.

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු