අලි ප්‍රශ්නයට සජිත්ගෙන් විසඳුමක්
Sajith Premadasa
Sri Lanka
Elephant
By Gagana News
ලෝකයේ විවිධ රටවල වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට සාර්ථක වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන බවත් ඉන්දීය දුම්රිය සේවය පවා වනජීවි දෙපාර්තමේන්තුව සමඟ එක්ව ‘කවක්’ නමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, මෙහිදී උෂ්ණත්ව කැමරා ආදිය යොදා ගනිමින් ඒ පිළිබඳ අවධානය යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පවසා සිටියේ,
‘කෙන්යාව යනාදී රටවල කණු උඩ යන දුම්රිය මාර්ග සහ උමං දුම්රිය මාර්ග පද්ධති භාවිතා වන බවත්, ඊට අමතරව මීමැසි ගහනය වැඩිකිරීම හරහා මෙම අනතුරු අවම කර ගැනීමට හැකි බවත්, මේ නිසා දේශපාලන අධිකාරියේ අදහස් ලබා ගෙන වනජීවි අමාත්‍යංශයත්, ප්‍රවාහන අමාත්‍යංශයත් ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්ය.
