මල් පහන් විකුණන අස්සේ වෙන වෙන ඒවත් වෙනවා පූජා නගරේ අපවිත්‍ර කරාට අටමස්ථානාධිපති නාහිමි දෙසයි
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුර පූජා නගරයේ අනවසර කඩ ඉදිකිරීම් ප්‍රශ්නය පමණක් නොව වෙළෙඳාමට මුවා වී විවිධ අපචාර හා මත්ද්‍රව්‍ය වෙළෙඳාම ආදිය ද සිදුවන බව ප්‍රකාශ කරයි.
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඉකුත් දා පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.
අඳාළ සාකච්ඡාව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් (වැඩ බලන) සන්ධ්‍යා එන්. ජී. අබේසේකරගේ මෙහෙයවීමෙන් පවත්වා ඇත.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට
තවද උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ අභයගිරි විහාරය ඉදිරිපිට ඉදිවන කඩ ඉතාමත් අවිධිමත් බවත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවත් ය.
එසේම කඩ ඉදිකරන්නේ නම් නිසි ක්‍රමයකටත් එහි අලෙවි කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ යුතු බවත් අටමස්ථානාධිපති නාහිමියෝ මෙහිදී පවසා ඇත.