ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් හා රටේ පුරවැසියෙකුට ජීවත් වෙන්න රු.16,690ක්? හැබැයි තෙල් මිල ආයෙත් වැඩි වීමක්? අද ඇවිලුණු පාර්ලිමේන්තුව

Report

අද දින (19) රැස් වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමාන රජය බලයට පත්වීමට පෙර ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් පිලිබදව විමසා සිටියේය.

එහිදී ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් මිලදී ගැනීමට හැකි වේ යැයි කියූ කතාවට කුමක් වූයේ දැයි ඔහු විමසා සිටියේය.

"අවස්ථා ගණනකදී ජනපති හා ඇමතිවරු ප්‍රකාශ කරා රටේ ආදායම ඉහල ගිහින් භාණ්ඩාගාරය පිරී ඉතිරි ගිහින් කියන එක.මම අහන්නේ ජනපති ළගදි කිව්වා යලිත් වරක් තෙල් මිල වැඩිකිරීමක් සිද්ධ වෙනවයි කියන එක.ඉතින් පිරී ඉතිරි යන භාණ්ඩාගාරයකට මුදල් තියෙන මොහොතක ඇයි තෙල් මිල වැඩි කරන්නේ? හරිනම් තෙල් මිල අඩුකරන්න ඕනෙනේ? ඒ වගේමයි විදුලි බිලත්..විශේෂයෙන්ම ඔබතුමාලා කිව්වා ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් මිලදී ගන්න අවස්ථාව සලසලා දෙනවා කියලා.ඒ වගේ තත්ත්වයක් තුල ජනතාවගේ වාහනයක් හිමි කරගැනීමේ සිහිනය සැබෑ කරන්නේ කවද්ද? ඔබතුමන්ලා රජයක් විදිහට උත්තර සපයන්නේ ලැබිලා තියෙන දත්ත අනුව.මම අහන්න කැමතියි සංඛ්‍යාලේඛන ගණනක් ඉදිරිපත් කරා රටේ එක පුරවැසියෙක්ට මාසයක් ජිවත් වෙන්න රු.16,690ක් ඇතිලු.ඇත්තටම ඔබතුමාලා පිළිගන්නවද ඒ වගේ මුදලකින් රටේ පුරවැසියෙක්ට ජිවත් වෙන්න පුළුවන් කියලා? ඇත්ත වශයෙන්ම මේ දත්ත ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි.මම ඉල්ලීමක් කරනවා මේ තොරතුරු දත්ත විශ්ලේෂණය කරද්දී ජන සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ගෙන්නලා අහන්න මේ දත්ත හරිද කියලා? මේ වගේ සොච්චම් මුදලකින් ජනතාවට ජිවත් වෙන්න පුලුවන්ද? ඒ වගේම ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් මිලදී ගැනීමේ සිහිනය කවද්ද සැබෑ කරගන්න පුළුවන්?"

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසා සිටියේ රටේ ණය ප්‍රමාණය වැඩි නමුත් රජය කැප වී රටේ මෙතෙක් තිබු 104% ලෙස තිබූ දළ දේශීය ණය ප්‍රමාණය 96.8% දක්වා අඩු කර ඇති බවයි.එමෙන්ම ණය තිරසරභාවය වැඩි දියුණු කරමින් 2030 පමණ වනවිට මෙම ණය ප්‍රමාණය 86% දක්වා අවම කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එමෙන්ම රටේ රාජ්‍ය ආදායම ඉහළ ගියා යයි පැවසීම සත්‍ය බවත් එමගින් අපේක්ෂිත ආදායම 2025 දීම ලබා ගැනීමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය. ඒ වගේම වාහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණයට මේ වනවිට සාපේක්ෂව වාහන මිලදී ගැනීම ඉහළ ගොස් ඇති බවත් එය රටේ ආර්ථිකය ඉහළ නැංවීම ඉස්මතු කරන බවත් පෙන්වා දුන්නේය.