විපක්ෂ නායකවරයා හදිසියේම අන්තර්ජාතික නියෝජිතයෙක් හමුවේ ..

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Samagi Jana Balawegaya
By Sithumi May 23, 2022 08:43 AM GMT
Sithumi

Sithumi

Report

රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය

. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි. විශේෂයෙන්ම මෙරට තුළ පවත්නා ඖෂධ හිඟය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, ඒ තත්ත්වයට කඩිනම් විසඳුම් අවශ්‍ය බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබීය.

සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක "විපක්ෂයේ හුස්මක්" හරහා රෝහල් 50ක් ඉක්මවා සිදුකොට ඇති උපකරණ පරිත්‍යාගය පිලිබදව එහිදී විපක්ෂ නායකවරයා විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියගේ ප්‍රසංසාව හිමිවූ බවත් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now