යළි පෝලිම් යුගයක් එන බවට දැනුම්දීමක්..

Sajith Premadasa Sri Lanka Politician AKD
By Aruna Oct 26, 2024 05:02 AM GMT
Aruna

Aruna

Report

අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය ජනතා දුක් ගිනිනිවනවා වෙනුවට ජනතාවගේ ජන ජීවිතය තුළ නවතම දුක් ගින්නක් ඇති කර ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ, නැවත වරක් රටේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් ඇති බවත් ජනතාවගේ ආදායම් මාර්ග කුඩා වී රජයේ දුර්වලතාව තුළ වියදම් වැඩි වී ඇති බවයි.

මොකද්ද මේ රටේම කතාබහට ලක්වන මැක්ඩොනල්ඩ්ස් සිද්ධිය..වැඩි විස්තර මෙතනින් දැනගන්න.

මොකද්ද මේ රටේම කතාබහට ලක්වන මැක්ඩොනල්ඩ්ස් සිද්ධිය..වැඩි විස්තර මෙතනින් දැනගන්න.


ජනතාව තුන් වේල කන්නේ අමාරුවෙන් වුවත් අද වන විට පොල් පෝලිමක් පවා නිර්මාණය වී ඇති බවත් ජනතාව මෙය අපේක්ෂා නොකළ බවත් ජනතාවගේ දුක්ගිනි වැඩිකරන මේ යුගය අවසන් කර සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි කිරීමට එක්වන ලෙසත් ඒ තුළින් අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර අත මිට සරු කරන යුගය බිහිකිරීමට එක්වන ලෙසත් අවධාරණය කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

ReeCha