දින තුනක් ඇතුළත එකම පවුලේ මව, පියා සහ දියණිය මරුට - සංවේදී කතාව

By Sithumi Sep 07, 2021 04:57 PM GMT
Sithumi

Sithumi

Report

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ 51 හැවිරිදි මවක් හා 37 හැවිරිදි ඇගේ දියණිය ඊයේ (06) කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි. කෙසේවෙතත් ඊට දින දෙකකට පෙර එම පවුලේ පියාද මියගොස් තිබේ.

නමුත් ඔහුගේ මෘත දේහය රහසේම වෙප්පමඩුව සුසාන භූමියේ භූමදානය කර ඇති බවට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව පුත්තලම මුලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව නිවසේදි මරණයට පත්වු ගෘහ මුලිකයාගේ සිරුර භුමදානය කිරීමට අවසර ලබාදුන් බව සැලකෙන ග්‍රාම නිලධාරිවරයගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති බව වාර්තා විය.

පුත්තලම සෞඛ්‍ය අංශ සඳහන් කළේ දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව දේහය නැවත ගොඩ ගෙන පශ්චාත් මරණය පරික්ෂණයක් සදහා යොමු කිරීමට කටයුතු කරන බවය.