කොල්ලන්ගෙ සිහින බොඳ කරමින් දෙවෙනි ඉනිමේ බෝනික්කි විවාහ වෙයි (PHOTOS/VIDEO)

Sri lank Sachini wickramasighne
By Sithumi Dec 14, 2021 05:16 PM GMT
Sithumi

Sithumi

Report
222 Shares

හැමෝම වාගේ හරිම ආදරයෙන් ආසාවෙන් නරඹන “දෙවනි ඉනිම” ටෙලි කථා මාලාවේ එන අපූරු රංගන ශිල්පිනියක තමයි, සචිනි වික්‍රමසිංහ කියලා කියන්නේ. රංගනයට විතරක් නෙවෙයි නිවේදන ක්ෂේත්‍රයේ ද හරි අපූරු දස්කම්පාන සචිනි වික්‍රමසිංහ මේ වෙද්දි ලංකාවම ආදරය කරන රංගන ශිල්පිනියක බවට පත්වී හමාරය.

ඔන්න ඉතින් සචිනි වික්‍රමසිංහ පොඩි කාලේ ඉදන්ම තමයි කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. සචිනි වික්‍රමසිංහ කුඩා කාලයේ දී, “සෙල්ලම් ගෙදර, ටිකිරි පැය” වගේ ළමා වැඩසටහන් වල ට ද දායක වෙලා තියන අතර, පස්සේ ඉතින් කාලයක් යනකම් ඇය කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නම් නෑ.   

ඉතින් ඔහොම කාලයක් ගියාට පස්සේ නැවත 2015 වසරේ දී සචිනි වික්‍රමසිංහ “සිරස කුමරිය” තරඟයට තරඟවැදිලා, අන්තිම 6 දෙනා අතරට තේරෙනවා.


ඔන්න ඉතින් ඊට පස්සේ ඉදලා සචිනි වික්‍රමසිංහ කලාවත් එක්ක දිගටම සම්බන්ධ වෙනවා. ඉතින් කලාවට සම්බන්ධ වෙද්දී ගොඩාක් මඩ ප්‍රචාර එහෙම එනවනේ. ඉතින් සචිනි වික්‍රමසිංහටත් අන්න ඒ වාගේ අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදුවෙලා තියනවා. දෙවනි ඉනිමේ සචිනි වික්‍රමසිංහ රඟපාන්න යන මුල් කාලේ දී, ඇගේ පරණ ෆොටෝ එහෙම සමාජ මාධ්‍යවල දාලා ඇයට විහිලු කරලා තියනවා.

ඉතින් ඒවා සචිනි වික්‍රමසිංහගේ පාසල් යන කලේ ෆොටෝ ලු. ඉතින් ඒ කාලේ දී නම් ඇය හරි කලුයි ලු. මොකද ඇය නිරතම වාගේ පාසල් කාලේ ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ නිසා. ඉතින් සචිනි වික්‍රමසිංහ කියනවා, “ඒ පෙනුමෙන් කවුරුත් හැමදාම ඉන්නේ නෑ නේ. ටිකෙන් ටික තරුණ වෙනකොට විලාසිතා කරනවා. තව තවත් ලස්සන වෙන්න බලනවානේ” කියලත්ය. ඔන්න ඉතින් සචිනි වික්‍රමසිංහ ළඟ දි විවාහ වෙන්නලු ඉන්නෙ. ඇය මේ වෙද්දී යාළුවොත් එක්ක එකතුවෙලා

ඇගේ විවාහයේ වීඩියෝවක් පහතින්,



“බ්‍රියිජ්ට් ටු බී” සාදයත් පවත්වලා තියනවා හරි අපූරුවට. ඉතින් සචිනි කියනවා, “ඕනෑම කෙල්ලෙක් තමන්ගේ නිසි වයසට ආවාම විවාහ වෙන්න ඕනේ කියලා හිතනවානේ” කියලා. ඉතින් සචිනි වික්‍රමසිංහ ආදරණීය කලාකාරිනයගේ ආදරණීය පෙම්වතා ගැන කියනවා නම්, ඔහු කලාවට කිසිම සම්බන්ධයක් නම් දක්වන්නේ නෑ වගේම ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙකු වනවා. සමහරට විට විවාහයෙන් පස්සේ රංගන ක්ෂේත්‍රයෙන් සමුගන්නට වෙයි ද කියලාත් හිතෙනවාලු සචිනි වික්‍රමසිංහට. “

මොකද විවාහයත් එක්ක ආදරණීය සැමියාගේ දේවල් වලට ඇහුම්කන් දෙන්නත් ඕන්නේ වගේම ආදරේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්” කියලත්, සචිනි වික්‍රමසිංහ ආදරණීය රංගන ශිල්පිනිය කියනවා. ඉතින් ඒ අද දිනයේ විවාහ දිවියට පිවිසි තිබෙනවා .

එහි ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha