“මට චූටි නෝනා කියන්න කෙනෙක් ඉදලා තියෙනවා, ඒත් දැන්නම් නැහැ” සචිනි දිල්හාරා (PHOTOS )

Actors Sri Lankan Actress
By Sithumi Aug 07, 2022 05:39 PM GMT
Sithumi

Sithumi

Report

නර්තන ශිල්පිනියක ලෙස මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් එක්ව මේවෙද්දී රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය කලාකාරිනියක් තමයි සචිනි දිල්හාරා කියල කියන්නේ.

ඇත්තෙන්ම ඇය මේවෙද්දී රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි දක්ෂ නිවේදිකාවක් ලෙසත් මෙරට ජනප්‍රියයි. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවේදන කටයුතු කරමින් වන අතර රංගන ශිල්පිනියක හැටියට ඇය මේවෙද්දී ටෙලි නිර්මාණ ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

එලෙස ඇය සිය රංගන දායකත්වය ලබාදුන් ටෙලි නිර්මාණ කිහිපයක් හැටියට ගිවන්ත අර්ථසාද් මහතාගේ ‘රෝස සංධවනිය’ ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන‘ මැස්සා’ ටෙලි නිර්මාණය වගේම ‘ඉදුවරය’ ටෙලි නිර්මාණය අපට හදුන්වන්න පුළුවන්. 

 කොහොම වෙතත් හිරු නාලිකාවේ විකාශය කෙරුණු ‘අහස් මාලිගා’ ටෙලි නිර්මාණය තමයි ඇය සිය රංගන දායකත්වය ලබාදුන් පළමු ටෙලි නිර්මාණය බවට පත්වෙන්නේ. මේ ටෙලි නිර්මාණය ඔස්සේ ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගන්නා ඇය පසුකාලීනව දෙරණ නාලිකාවේ විකාශය වුණු ‘ධරණි’ ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

කෙසේ නමුත් වයස අවුරුදු 10දි පමණ රූපවාහිනි දැන්වීමකට සහභාගි වෙලා තිබෙන ඇය පොඩි කාලේ ඉදලම කැමරාවට හුරු පුරුදු කමක් දක්වපු කෙනෙක්. ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ආදරය ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ආදරේට ආදරේ කරන කෙනෙක්. මම ආදරෙන් බැදුනොත් ඉතින් ආදරේම තමයි. හරිම කෙනා ලැබුනොත් සීයට සීයක් ආදරේ කරාවී. මම ආදරේදී හරි අවංකයි. මම ටිකක් දගයි. ඒ වුණත් මම මිනිස්සුන්ට හරිම කරුණාවන්ත කෙනෙක්. මම හිතනවා මම නර්තනයට දක්ෂයි කියලා. මට ප්‍රේක්ෂකයින්ගෙන් ආදරය ලැබෙනවා ඔයාට කැමතියි ආදරේ හිතෙනවා කියලා. මට චූටි නෝනා කියන්න කෙනෙක් ඉදලා තියෙනවා.

ඒත් දැන්නම් නැහැ.” ඒ විදිහට තමයි ඇය මේ පුවත්පත් සාකච්ඡාව අතරතුර අදහස් දක්වමින් කියල තිබුණේ. කොහොම වෙතත් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේනික වු ගමනක් යන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha