රුවන් විජේවර්ධනට ලැබුණු නවතම තනතුර..

By Sithumi Jul 28, 2022 02:42 PM GMT
Sithumi

Sithumi

Report

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් පත් කිරීම සිදු කර ඇත. කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම ,පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් සහ සහයෝගය ලබාගැනීම සඳහා මෙම පත් කිරීම සිදු කළ බව ජනාධිපති කාර්යාලය කියයි.

2016 වසරේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් තබා ඇත. මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වලක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now