රුසියන් යුක්රේන් යුද්ධය යළි ඇවිලෙයි..යුක්රේනයෙක් රුසියාවට දරුණු ප්‍රහාර..
යුක්රේන - රුසියානු යුද අර්බුදය සමග මේ වනවිට යුක්රේනය විසින් ද සිය ප්‍රහාර තීව්ර කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව CNN මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, සිය Kherson (කර්සන්) කලාපය යළිත් තමන් යටතට පත් කරගැනීම වෙනුවෙන් මේ වනවිට යුක්රේනය ප්රහාරයන් සහ ප්‍රතිප්‍රහාරයන් දැඩි කර ඇති බවයි.
යුක්රේනයේ බටහිර හමුදා ප්‍රහාරවලින් මේ වනවිට කර්සන් නගරයේ ප්‍රධාන පාලමක් ක්‍රියාවිරහිත තත්ත්වයකට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මෙම පහරදීම් හමුවේ රුසියානු හමුදාව විසින් අත් පත් කරගෙන සිටින යුක්රේන දේශසීමා ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගෙන් ගිලිහී යාමේ අවදානමක් ද පවතින බවයි.
රුසියානු හමුදාවට ප්‍රධානතම ආරක්ෂිත මධ්‍යස්ථානයක් වූ මෙම ස්ථානය නිප්‍රෝ ගංගාවේ බටහිර සීමාවේ පිහිටා ඇති අතර, එය යුද්ධයේ ආරම්භයේ හැරවුම් ලක්ෂයක් ද වුණා.
මේ වනවිට කර්සන්හි ප්‍රධාන පාලම වන Kherson's Antonivskiy වෙත අඟහරුවාදා (ජූලි 26) දින එල්ල කරනු යුක්රේන කාලතුවක්කු රොකට් ප්‍රහාරවලින් එය සම්පූර්ණයෙන්ම භාවිතයට ගත නොහැකි ලෙසින් අඩපණ වී තිබෙනවා.
රුසියානු - යුක්රේන අර්බුදය හටගන්නේ රුසියාව විසින් මරියුපොල් ඇතුළු ප්‍රධාන යුක්රේනයේ වරායන්ට පහරදීමත් සමගයි.
පුටින් හට සාම ගිවිසුම් සඳහා යුක්රේන ජනපති සෙලෙන්ස්කි විසින් ආරාධනය කරනු ලැබුව ද තවටම් පුටින් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැහැ.
පසුගියදා රුසියාව සහ යුක්රේනය අතර ධාන්‍ය අපනයනය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹුන ද, ගිවිසුම්ගත වී පැය 24 නික්මෙන්නටත් මත්ත්නෙ යුක්රේනයේ ප්‍රධාන පෙළේ ධාන්‍ය ගබඩාවකට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වුණා.
මේ හේතුවෙන් යුක්රේනයේ ජනාධිපතිවරයා නිවේදනය කළේ, රුසියාව යනු කිසිසේත්ම විශ්වාසයක් තැබිය හැකි රාජ්‍යයක් නොවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |