රුසියාවේ ප්‍රබල ප්‍රහාරයකින් යුක්‍රේන් වීරයා සහ ඔහුගේ බිරිඳ මිය යයි..මුළු රටම සංවේදී වෙයි...

Russo-Ukrainian War Ukraine Russian Federation
By Aruna Aug 01, 2022 01:48 AM GMT
Aruna

Aruna

Report

රුසියානු යුක්‍රේන යුද අර්බුදය මැද රුසියාව එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිටි විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරික 'ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි (Oleksiy Vadatursky) හා ඔහුගේ බිරිඳ වන ''රයිසා'' (Raisa) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්‍රේනයේ පිහිටි දකුණු දිග ප්‍රදේශයේ නගරයක් වන මයිකොලයිව් වෙත එල්ල කරනු ලැබූ රුසියානු ප්‍රහාරයෙනුයි මෙම ධනවත්ම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 74 හැවිරිදි වියෙහි පසුවූ Oleksiy Vadatursky හා ඔහුගේ බිරිඳ ජීවත්වන නිවසට ඊයේ (31) රාත්‍රියේදී රුසියානු මිසයිලය වැදී තිබෙන බවයි යුක්‍රේනයේ ප්‍රාදේශීය බලධාරින් පැවසුවේ.

යුක්‍රේන රජයෙන් ධනවත් ව්‍යාපාරිකයින්ට පිරිනමන 'Hero of Ukraine' සම්මානය ද දිනා ඇති මෙම ව්‍යාපාරිකයා සතුව ධාන්‍ය අපනයනයට සම්බන්ධ Nibulon නමැති විශාල සමාගමක් ද තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි නිවේදනය කළේ ධාන්‍ය අපනයන රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන තම රටෙහි මෙවන් ව්‍යාපාරිකයෙකු ඝාතනය වීම දැඩි සංවේදී සිද්ධියක් වන අතර, එය යුක්‍රේන ආර්ථිකයට දැඩි පාඩුවක් බවයි. මෙම මරණය සම්බන්ධයෙන් Mykolaiv නගරයේ නගරාධිපතිවරයා ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පැවසුවේ මෙය මෙතෙක් එම නගරයට එල්ල වූ දරුණුතම රුසියානු බෝම්බ ප්‍රහාරය විය හැකි බවයි.

රුසියානු ෂෙල් ප්‍රහාරයෙන් යුක්‍රේන පාසල් දෙකකට, ක්‍රීඩා සංකීර්ණයකට, හෝටලයකට මෙන්ම නිවාස රැසකට විශාල හානි සිදුව තිබෙනවා.

Mykolaiv නගරය පිහිටා ඇත්තේ කළු මුහුදේ පිහිටි යුක්රේනයේ විශාලතම වරාය වන Odesa වෙත දිවෙන ප්‍රධාන මාර්ගයේ වන අතර රුසියාව පෙබරවාරි 24 වන දින පළමු ආක්‍රමණය දියත් කළ දා සිට මෙම ප්‍රදේශයට අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now