මිසයිල සහ ඩ්‍රෝන යානා 30ක් බිම දමයි - රුසියානු හමුදා භටයින් දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයකගේ ජිවිත අහිමි වෙයි..

Russo-Ukrainian War Ukraine Death World Russia
By krishani Jun 02, 2023 08:03 AM GMT
krishani

krishani

Report

යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ විසින් කියෙව් නගරයට ඉහලින් ගමන් කළ මිසයිල සහ ඩ්‍රෝන යානා 30ක් බිම හෙළා තිබෙනවා.

මෙය පසුගිය දින හය තුළ යුක්‍රේන අගනුවරට එල්ල වූ හයවන ප්‍රහාර රැල්ල බව කියෙව් නගරයේ හමුදා පරිපාලනයේ ප්‍රධානී Serhiy Popko පැවසීය.

සිදු වූ හානි පිළිබඳව හෝ ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වී නොමැත.

යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර යුක්‍රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියාවට හමුදා භටයින් 200,000කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join