මුදල් නියෝජ්‍ය ඇමති සහ රුසියානු තානාපති අතර හමුවක්

Report

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ඉදිරියේදී ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවන් එස්. ඩ්‍රගර්යන්ස් (Levan S. Dzhagaryan) මහතා පවසයි.

තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (14) මුදල් අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය නව ආර්ථික අවස්ථා කරා යොමු කිරීමට මෙම හමුව මනා පිටිවහලක් වනු ඇති බව රුසියානු තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අගෝස්තු මස ඉන්ධන සැපයුම පිළිබඳව රජයෙන් විශේෂ නිවේදනයක්

අගෝස්තු මස ඉන්ධන සැපයුම පිළිබඳව රජයෙන් විශේෂ නිවේදනයක්