අගෝස්තු මස ඉන්ධන සැපයුම පිළිබඳව රජයෙන් විශේෂ නිවේදනයක්
එළඹෙන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත්, ඉදිරි මාස සඳහා අවශ්‍ය ඇණවුම් දැනටමත් සිදු කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවති කමිටු රැස්වීමකදී මේ බව අනාවරණය විය.
එහිදී දැනට පවතින ඔත්තේ සහ ඉරට්ටේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමය ඉවත් කර, QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වී තිබේ.
අර්බුදය නිසි පරිදි කළමනාකරණය කිරීම හේතුවෙන් අනෙකුත් රටවල මෙන් පෝළිම් යුගයක් ඇති නොවීමට රජය වගබලා ගත් බවත්, විදුලි පරිභෝජනය තිරසර ලෙස කළමනාකරණය කිරීමට පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
මීට අමතරව ඉදිරි ඉදිකිරීම් සඳහා ‘හරිත ගොඩනැගිලි’ (Green Building) සංකල්පය හඳුන්වා දීමටත්, වෙසක් සතිය තුළ ජනතාවට බාධාවකින් තොරව විදුලිය ලබාදීමටත් අවශ්‍ය උපදෙස් ඇය විසින් නිලධාරීන් වෙත ලබා දෙන ලදී.