රුසියාවෙන් බොරතෙල් ගන්න සැරසෙන ඉන්දියාව

By Sithumi Apr 17, 2023 12:24 PM GMT
Sithumi

Sithumi

Report

රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම පිළිබඳව ගවේෂණය කරමින් සිටින බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මිය පවසනවා.

  Bloomberg වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ G-7 සමුළුව විසින් පනවා ඇති මිල සීමාව ආසන්නයේ සිට හෝ එය පසුකරමින් බොරතෙල් මිලදී ගැනීම සිදු කළ හැකිද යන්න සම්බන්ධයෙන් එම ගවේෂණය සිදු කරන බවයි.

OPEC+ විසින් බලශක්ති පිරිවැය ඉදිරියේ දී තවදුරටත් ඉහළ දමන්නේ නම් දකුණු ආසියාවට රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට හැකියාව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් විමසීමත් අදාළ ගවේෂණයේ අරමුණ වී තිබෙනවා.

මේ අතර Bloomberg වෙබ් අඩවිය සමග පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් අදානි සමුහයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමසීමක් කර තිබෙනවා. ඉන්දීය රජය සමාගම්වලින් දුරස්ථව සිටින අතර අදානි සමුහයට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ අධීක්ෂණ මණ්ඩලයක් විසින් විමර්ශන සිදු කරන බවයි එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එය අධිකරණ කටයුත්තක් වන බැවින් අදානි සමුහය සම්බන්ධයෙන් සිදු කරන විමසීම්වලට පිළිතුරු දීමෙන් වැළකී සිටින බවයි.