සියල්ල මවිත කරමින් ලෝකේ ප්‍රබල රටවල් දෙදෙකක් හොර රහසේ ඉරානෙට සහය දීලා - සියල්ල එළියට

Report

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා ප්‍රකාශ කළේ, රුසියාව සහ චීනය ඉරානයට අංශ කීපයක් ඔස්සේ සහාය ලබාදෙන අතර හමුදා සහයෝගීතාව යන අංශයද එම සහයෝගයේ එක් කොටසක් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉරානය කෙදිනකවත් ඇමෙරිකාවෙන් සටන් විරාමයක් හෝ සාකච්ඡාවක් ඉල්ලා නොමැති බවයි.නමුත් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ ඉරානය ඔවුන්ගෙන් සටන් විරාමයක් ඉල්ලූ බවයි.

එමෙන්ම ඇමෙරිකාව සහ ඊශ්‍රායල ඉරාන යුද්ධයේදී, රුසියාව සහ චීනය ඉරානයේ උපාය මාර්ගික සහකරුවන් බවද අරග්චි ප්‍රකාශ කළේය.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

රුසියාව සහ චීනය, අතීතයේ සිට ඉතා සමීපව ඉරානය සමග කටයුතු කළ රටවල් වන අතර, අදටත් එම සහයෝගය අඛණ්ඩව පවතින බවද ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, දේශපාලනමය, ආර්ථිකමය සහ හමුදාමය වශයෙන් ඉරානය රුසියාව සහ චීනය සමග ඉතාමත් හොඳ සහයෝගයකින් කටයුතු කරන බවයි.

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියව දක්වා තිබූ ප්‍රකාශයන්හි, රුසියාව ඉරානයට සහාය ලබාදෙන බවට තමන් අනුමාන කරන බවත්ය.

අගමැතිනියගෙන් සියලුම පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විශේෂ පණිවිඩයක්

අගමැතිනියගෙන් සියලුම පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විශේෂ පණිවිඩයක්