අගමැතිනියගෙන් සියලුම පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විශේෂ පණිවිඩයක්

Report

පාසල් වල පවත්වන උත්සව මව්පියන්ට බරක් නොවන ලෙස සංවිධානය කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

එම උත්සව කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම අවම කරමින් කටයුතු කළ යුතු බවද සඳහන් කළාය. ඒ අනුව 2026 වසරේ වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතුවලට යොදා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරිය දැනුම් දුන්නාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොටිඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

ඉන්ධන ගන්න පොලීමේ මග බලන් ඉන්න අයට සුබම සුබ ආරංචියක් - ආයේ ප්‍රශ්නයක් වෙන්නෑ

ඉන්ධන ගන්න පොලීමේ මග බලන් ඉන්න අයට සුබම සුබ ආරංචියක් - ආයේ ප්‍රශ්නයක් වෙන්නෑ

පත්වීම් හෝ ස්ථාන මාරු ලබා දීමේදී ලැබෙන පත්වීම් බාර ගෙන අදාල ස්ථානවල වැඩ කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී දැනුම් දුන්නාය.එහිදී,

"පාසල් යටිතල පහසුකම්, පන්ති කාමර සංවර්ධනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල කටයුතු අපි සිදු කරමින් යනවා. පන්ති තුළ ළමුන් ප්‍රමාණය ප්‍රාථමික අංශයේ 25ත් 30ත් අතරත් ද්විතීයික පාසල් තළ ළමුන් 35 දක්වාත් පවත්වා ගන්න අපි සැලසුම් කරාගන යනවා. කිසිම හේතුවක් මත චක්‍රලේඛවලට පිටින් දරුවන් පාසලට ඇතලත් කරන්න බැහැ"

යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ පැමිණිල්ල කල් යයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ පැමිණිල්ල කල් යයි