සෞඛ්‍ය අංශ ප්‍රධානියෙකුට කොරෝනා..දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරේ.

Covid Sri Lanka Doctors Corona patient Rukshan bellana
By Aruna Sep 08, 2021 07:18 AM GMT
Aruna

Aruna

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවද වාර්තා වෙයි.

ඔහුට මෑතක දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ දිනයේ දී පුද්ගලයින් 429,515 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 278,788 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි.

එහි පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 126,272ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 834 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර, එහි දෙවන මාත්‍රාව 19,956 දෙනෙකුට ලබා දී තිබෙනවා.

එසේම, මේ වනවිට මෙරට තුළ කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව විසිනව 12,952,755ක්.

දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 9,714,857ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now