රුහුණු සරසවියේ සේවක වර්ජනය අවසන්...

Report

රුහුණු සරසවියේ උපකුලපති ඉවත් කිරීමත් සමග සේවක වර්ජනය අවසන් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමග එම සරසවියේ අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ සභාපති කැළුම් ගමගේ කියා සිටියේ අද පෙරවරු 7 සිට සුපුරුදු පරිදි රාජකාරි සඳහා වාර්තා කරන ලෙස තම සංගමයේ නියෝජිතයින්ට දැනුම් දී ඇති බවයි.

මේ මාර්ගය භාවිත කරනවා නම් දැනුවත් වෙන්න.. රථවාහන ධාවනය සීමා කිරීමක්..

මේ මාර්ගය භාවිත කරනවා නම් දැනුවත් වෙන්න.. රථවාහන ධාවනය සීමා කිරීමක්..

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම සරසවියේ අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව පසුගිය 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වුණා.

එවන් පසුබිමකයි එම සරසවියේ වත්මන් උපකුලපතිවරයා වෙනුවට පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අද සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක පත් කරනු ලැබුවේ.

ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.

ඉල්ලන දේ දුන්නේ නැත්තම්.. සුජීව සේනසිංහ සජබයට ටටා බායි කියන්න සුදානමක්?..

ඉල්ලන දේ දුන්නේ නැත්තම්.. සුජීව සේනසිංහ සජබයට ටටා බායි කියන්න සුදානමක්?..

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අර්බුදයකට ලක්ව ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව, සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කළ බවයි රුහුණ විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ සභාපති කැළුම් ගමගේ කියා සිටියේ.


You may like this video