මේ මාර්ගය භාවිත කරනවා නම් දැනුවත් වෙන්න.. රථවාහන ධාවනය සීමා කිරීමක්..

Report

බදුල්ල - බිබිල මාර්ගයේ 143 හා 144 කිලෝමීටර් කණු අතර ප්‍රදේශය වාහන ධාවනය සීමා කර තිබේ.

අවපාතයක වර්ධනයක්.. ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි අනතුරු ඇගවීම්..(VIDEO)

අවපාතයක වර්ධනයක්.. ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි අනතුරු ඇගවීම්..(VIDEO)

ඒ අනුව අදාළ මාර්ගය අද (25) උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා රථවාහන ගමනාගමනය සඳහා විවෘත කරන අතර සවස 6.00 සිට හෙට (26) උදෑසන 6.00 දක්වා මාර්ගය වසා තැබීමට නියමිත බව පොලීසිය දැනුම් දී ඇත.

අදාළ මාර්ගයට ඉහළින් ඇති කන්ද නායයෑම හේතුවෙන් 2024.11.18 වන දින සිට රථවාහන ගමනාගමනය නවතා තිබුණි.

පසුව ඊයේ (24) දිනයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා විසින් එම ස්ථානය පරීක්ෂාවට ලක්කර ඇත.

එළවලු මිල දැනෙන්නම වෙනස් වෙලාද?..

එළවලු මිල දැනෙන්නම වෙනස් වෙලාද?..

පවතින කාලගුණික තත්ත්වයන් අනුව මාර්ගය විවෘත කරනු ලබන වේලාවන් වෙනස් විය හැකි බවට වැඩිදුරටත් දැනුම් දී ඇති අතර අදාළ ස්ථානයේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීමේ රාජකාරි සඳහා පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන් යොදවා ඇති බව වැඩිදුරටත් දැනුම් දී ඇත.  


You may like this video