2027දී එන මහා විනාශයට එරෙහිව සටන් කරන ‘රුද්‍රගේ’ අරගලයේ කතාව එළියට

Report

 එස්.එස්. රාජමෞලිගේ නවතම සිනමා නිර්මාණය වන ‘Varanasi’ චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳ නව තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. මහේෂ් බාබු ‘රුද්‍ර’ ලෙසත්, ප්‍රියංකා චොප්රා ‘මන්දකිනි’ ලෙසත්, ප්‍රිත්විරාජ් සුකුමාරන් ප්‍රධාන ප්‍රතිවාදී චරිතය වන ‘කුම්භ’ ලෙසත් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක අංගවලින් සමන්විත දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස සැලකෙයි.

චිත්‍රපටයේ කතාව දිවෙන්නේ 2027 වසර පසුබිම් කරගනිමිනි. ‘ශාම්භවි’ නමින් හැඳින්වෙන දැවැන්ත ග්‍රහකයක් වාරාණසිය වෙත සෘජුවම ගමන් කිරීමත් සමඟ ලෝකය දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන බව එහි කතා සාරාංශයෙන් දැක්වේ.

AI තාක්ෂණයෙන් හැඩවූ ‘රාමායණ’ ඉංග්‍රීසි ට්‍රේලරයට රසිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර

AI තාක්ෂණයෙන් හැඩවූ ‘රාමායණ’ ඉංග්‍රීසි ට්‍රේලරයට රසිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර

පුරාවිද්‍යාඥයෙකු සහ ගවේෂකයෙකු ලෙස හඳුන්වා දෙන ‘රුද්‍ර’ට, එම ව්‍යසනය වළක්වා ගැනීමට උපකාරී විය හැකි පුරාණ විශ්වීය කෞතුක වස්තුවක් සොයාගැනීමේ මෙහෙයුමක් භාරදෙයි.

එම මෙහෙයුමට ඔහු සමඟ එක්වන්නේ දක්ෂ ඉතිහාසඥවරියක මෙන්ම වෙඩි තැබීමේ හැකියාවෙන් යුත් ‘මන්දකිනි’ ය. කෙසේ වෙතත්, ලොව පුරා විවිධ ස්ථාන හරහා සිදුවන මෙම මෙහෙයුම පහසු එකක් නොවන අතර, තාක්ෂණික දැනුමෙන් ඉහළ ප්‍රතිවාදියෙකු වන ‘කුම්භ’ ඔවුන් පසුපස හඹා යයි. චිත්‍රපටයේ කතාව අප්‍රිකාවේ වනාන්තර, ඇන්ටාක්ටිකාවේ හිමෙන් වැසුණු ප්‍රදේශ සහ යුරෝපයේ විවිධ ස්ථාන හරහා දිවෙන විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක අත්දැකීමක් ලෙස ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම, අනාගත ව්‍යසනයක් වළක්වා ගැනීමට අවශ්‍ය රහස වාරාණසියේ පුරාණ මිථ්‍යා ඉතිහාසය තුළ සැඟවී ඇති බවද කතා සාරාංශයෙන් අනාවරණය වේ. කාලය සහ මහාද්වීප කිහිපයක් හරහා දිවෙන කතාවක් අධ්‍යක්ෂ එස්.එස්. රාජමෞලි මීට පෙර සඳහන් කර තිබුණේ ‘Varanasi’ චිත්‍රපටයේ කතාව වාරාණසිය, ඇන්ටාක්ටිකාව සහ අප්‍රිකාව ඇතුළු ස්ථාන රැසක් හරහා ගමන් කරන බවයි.

එමෙන්ම කතාව පුරාණ රෝමය දක්වා අතීතයට ගමන් කර නැවත වාරාණසිය වෙත පැමිණෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති බවද ඔහු අනාවරණය කර තිබේ. ‘Varanasi’ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම IMAX තාක්ෂණයෙන් රූගත කරන ලද පළමු ඉංග්‍රීසි නොවන චිත්‍රපටය බවද රාජමෞලි පසුගියදා තහවුරු කර ඇත.

චිත්‍රපටයේ රූගත කිරීම්වලින් සියයට 80ක් පමණ මේ වනවිට අවසන් කර ඇති අතර, ප්‍රධාන IMAX ක්‍රියාදාම දර්ශනද රූගත කර අවසන් බව ඔහු සඳහන් කර තිබේ. ශ්‍රුති හසන් ද රංගනයෙන් දායක වන ‘Varanasi’ චිත්‍රපටය Sri Durga Arts බැනරය යටතේ නිෂ්පාදනය කර ඇති අතර, එය සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිතව තිබේ.

දෙමළ සිනමාව කැළඹූ 'ඉදයම්' චිත්‍රපටයට වසර 35යි - 2026 දී අලුත්ම කතාවකින් එන 'ඉදයම් මුරලි' මෙන්න

දෙමළ සිනමාව කැළඹූ 'ඉදයම්' චිත්‍රපටයට වසර 35යි - 2026 දී අලුත්ම කතාවකින් එන 'ඉදයම් මුරලි' මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න