දකුණු මුහුද කළඹමින් ඇල්ලූ මත් තොගය ගැන අද රටම හොයන විස්තරේ මෙන්න - යාත්‍රාවේ සිටි ධීවරයන් පස්දෙනා අත්අඩංගුවට

Report

නාවික හමුදාව විසින් දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 189කට අධික බව පවසන බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 132යි ග්‍රෑම් 026ක් සහ හෙරොයින් කිලෝ 57යි ග්‍රෑම් 220ක් සොයා ගෙන තිබෙන අතර, එහි වීථි වටිනාකම රු බිලියන 4.2ක් වන බවද ප්‍රකාශ කරයි.

පසුගිය දා දකුණු ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ඇතුළත් බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකදී නාවික හමුදා භාරයට ගැනුණා.

ලංකාවෙන් උඩුගත කළ වීඩියෝ 870,000 කට වැඩිය TikTok ඉවත් කරයි - සෙල්ලම් දාපු හැමෝටම TikTok වෙතින් දැනුවත් කිරීමක්

ලංකාවෙන් උඩුගත කළ වීඩියෝ 870,000 කට වැඩිය TikTok ඉවත් කරයි - සෙල්ලම් දාපු හැමෝටම TikTok වෙතින් දැනුවත් කිරීමක්

අඳාළ ධීවර යාත්‍රාව අද උදෑසන දික්ඕවිය ධීවර වරාය වෙත රැගෙන ආ අතර එහිදී අදාළ උරතුළ සූක්ෂ්ම ආකාරයට සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයා ගන්නා ලදි. එහිදී එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්. මේ අතර පොලීසිය සැක පළ කළේ, මෙම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තා විසින් මෙරටට එවා ඇති බවටයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර, නාවික හමුදාපතිවරයා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද පැමිණ තිබුණා.

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න