ලංගම බස් 7,130ක් තිබුණත් ධාවනය වන්නේ 5,000ක් වගේ.. පොදු ප්‍රවාහනය ගැන ප්‍රවාහන නි. ඇමතිගෙන් රටටම හෙළිදරව්වක්
මහමාර්ග සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ ලියාපදිංචි බස් රථ 7,130ක් පවතින බව ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉන් 6,987ක් සාමාන්‍ය බස් රථ වන අතර 143ක් සුඛෝපභෝගී බස් රථ බවයි.
එසේම එම බස් රථවලින් 5,000ක් පමණ ධාවනයට සුදුසු මට්ටමේ පවතින බවත් ඔහු හෙළි කර ඇත.
එමෙන්ම බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස්රථ 5,524ක් ද මධ්‍යම පළාත තුළ බස්රථ 2,433ක් ද දකුණු පළාත තුළ බස්රථ 1,326ක් ද ධාවනය වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඊට අමතරව උතුරු පළාතේ පෞද්ගලික බස්රථ 976ක් ද නැගෙනහිර පළාතේ බස්රථ 520ක් ද වයඹ පළාතේ බස්රථ 1,324ක් ද උතුරුමැද පළාතේ බස්රථ 509ක් ද ඌව පළාතේ බස්රථ 1,043ක් ද සබරගමුව පළාතේ බස්රථ 1,866ක් ද ධාවනය කරයි.
මේ අතර ලංකා ගමනාගමන කොමිෂන් සභාව මඟින් ඉකුත් ඔක්තෝබර් පළමුවැනිදා දක්වා පෞද්ගලික බස්රථ 2966කට බලපත්‍ර නිකුත් කර ඇති බව සඳහන්.
එබැවින් සාමාන්‍ය සේවා බස්රථ 1,826ක්, අර්ධ සුඛෝපභෝගී බස්රථ 257ක්, සුභෝපභෝගී බස් රථ 651ක් සහ අධිසුඛෝපභෝගී බස්රථ 232ක් සඳහා බලපත්‍ර නිකුත් කර තිබෙන බව මහමාර්ග සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.