අනුර ජනපති කොතරම් බුද්ධිමත්ද උතුම්ද - 1948 පස්සේ මේ වගේ බුද්ධිමත් නායකයෙක් දැකලා තියෙනවද? ඔහු ජිවිත අවදානමක් අරන් තීරණ ගන්නේ
නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසන්නේ නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසය තුළ බිහිවූ බුද්ධිමත්ම සහ උතුම්ම නායකයා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බවයි.
ජනාධිපතිවරයා සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා පමණක් බව ජන හමුවක් අමතමින් ඔහු පැවසුවේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ රට වෙනුවෙන් ගන්නා තීරණවලදී ඔහු සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින් කටයුතු කරන බවයි.
"මාලිමාව මේ ගමන් කරන්නේ ජනතාව වෙනුවෙන් කැපවුණු ගමනක්. වත්මන් ජනාධිපතිතුමා කොතරම් බුද්ධිමත්ද, කොතරම් උතුම්ද යන්න අපට පෙනෙනවා. 1948 නිදහසින් පසු මෙවැනි බුද්ධිමත් නායකයෙකු ඔබ මීට පෙර දැක තිබේද?" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.
ජනාධිපතිවරයාගේ මෙම කැපවීම සහ දූරදර්ශී නායකත්වය රටේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.