නීති විරෝධීව උපයාගත් මිලියන ගාණක දේපල හා මුදල් ක්‍රියා විරහිත කරයි
ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ට්‍රැක්ටර් රථයක් සහ මූල්‍ය ආයතනයක ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 10ක මුදලක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විභාග ගැටලු මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
අදාළ සැකකරුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව, 2026 ජූලි 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 7ක කාලයක් සඳහා මෙම දේපළ සහ ආයෝජන ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මෙම ජාවාරම සහ ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව වැඩිදුර විමර්ශන සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබයි.