කිලිනොච්චියේ උණුසුම් තත්ත්වයක් - වැටලීමකට ගිය STF නිලධාරීන්ට ප්රහාර තත්ත්වය පාලනයට වෙඩි
කිළිනොච්චිය, අක්කරායන්කුලම් ප්රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අක්කරායන්කුලම්, මුක්කන්පන් ප්රදේශයේ රක්ෂිත වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන බවට ලද තොරතුරකට අනුව වනජීවී සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.
එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ සිටි පිරිසක් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්රහාර එල්ල කර ඇති අතර, ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අහසට වෙඩි තැබීමට පවා සිදුවී තිබේ.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිව්දෙනෙකු ප්රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
ඉතා අනතුරුදායක තත්ත්වයක් - මුළු ලංකාවම ගිනියම් කරමින් ඉදිරි මාස 10ක් තුළ සිදුවන ස්භාදහමේ අති භයානකම වෙනස සිදුවෙයි
කෙසේ වෙතත්, මේ වන විට ප්රදේශයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් එක් අයෙකුට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව ද රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
සැකකරුවන් විසින් රක්ෂිතය එළිපෙහෙළි කිරීම සඳහා යොදාගත් යන්ත්රයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අක්කරායන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.