සාමාන්‍ය ජනතාවට සුබ ආරංචියක් - පොලිසියේ වාහන පදින්න ඔයාටත් චාන්ස් එකක්

Report

පොලිස් දෙපාර්තමේන්තුවේ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 500ක් වෙන්දේසි කර අලෙවි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර වෙන්දේසිකරුවෙකු තෝරා පත්කර ගැනීම ද මේ වන විටත් සිදුකර අවසන් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

සෞදි අරාබියෙන් යේමනයට දරුණු ප්‍රහාර - නැවතත් මැද පෙරදිග ගිනි ඇවිලෙයි

සෞදි අරාබියෙන් යේමනයට දරුණු ප්‍රහාර - නැවතත් මැද පෙරදිග ගිනි ඇවිලෙයි

මෙලෙස වෙන්දේසි කිරීමට නියමිත අබලන් වාහන අතර යතුරුපැදි 270ක් ඇතුළත් වන අතර, ඉතිරි වාහන ජීප් රථ සහ වෙනත් මාදිලියේ වාහන වේ.

මෙම වාහන වෙන්දේසි කර අලෙවි කිරීමේ සම්පූර්ණ වගකීම තෝරාගත් වෙන්දේසි සමාගමට භාර දී ඇති අතර, ඒ වෙනුවෙන් සිදුවන සෑම ගනුදෙනුවකින්ම යම් ප්‍රතිශතයක කොමිස් මුදලක් එම සමාගමට හිමිවේ.

යුද ගිනි මැද උච්චෙටම ගිය තෙල් මිලෙහි හදිසි වෙනසක් - සංශෝධනය වූ නවතම මිල ගණන් මෙන්න

යුද ගිනි මැද උච්චෙටම ගිය තෙල් මිලෙහි හදිසි වෙනසක් - සංශෝධනය වූ නවතම මිල ගණන් මෙන්න

මෙම වාහන වෙන්දේසිය මඟින් රුපියල් මිලියන 300කට අධික ආදායමක් උපයා ගැනීමට පොලිස් මූලස්ථානය බලාපොරොත්තු වේ.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවට දැනට වාහන 4,000ක පමණ හිඟයක් පවතින අතර, ඉදිරියේදී අලුතින් වාහන 500ක් මිලදී ගැනීමට ද සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.