ඉතා අනතුරුදායක තත්ත්වයක් - මුළු ලංකාවම ගිනියම් කරමින් ඉදිරි මාස 10ක් තුළ සිදුවන ස්භාදහමේ අති භයානකම වෙනස සිදුවෙයි

Report

මේ වන විට එල් නිනෝ  තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයේ සිට මධ්‍යස්ථ එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට සාමාන්‍ය වැසි රටාවේ යම් වෙනස්කම් සිදුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා, ඇතැම් කාලසීමාවන්හිදී එම වර්ෂාපතනය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ද පවතින බව සඳහන් කළේය.

අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ලංකාවම අවදානමක - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගපොළගේගෙන් හෙළිදරව්වක්

අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ලංකාවම අවදානමක - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගපොළගේගෙන් හෙළිදරව්වක්

එල් නිනෝ තත්ත්වයකදී වැසි නොලැබීම මෙන්ම වර්ෂාපතනයේ හදිසි ඉහළ යාමක් ද සිදුවිය හැකිය.

ඒ අනුව මෙරටට ලැබෙන නිරිතදිග මෝසම්, ඊසානදිග මෝසම් මෙන්ම අන්තර් මෝසම් වැසි රටාවන්හි ද යම් වෙනස්කම් සිදුවිය හැකි බව අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා,

"එල් නිනෝ කියන සංසිද්ධිය මේ වෙනකොට ක්‍රියාත්මකයි. එල් නිනෝ තත්ත්වයක තමයි අපි ඉන්නේ. ලෝකයට දැන් දුර්වල මට්ටමේ එල් නිනෝවක් තමයි හටගෙන තියෙන්නේ. එල් නිනෝවක් අවස්ථා 4කට වර්ගීකරණය කරනවා. ඒක දුර්වල එල් නිනෝවක් වෙන්න පුළුවන්, නැත්නම් මධ්‍යස්ථ එකක් වෙන්න පුළුවන්, ප්‍රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්, අති ප්‍රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නේ දුර්වල එල් නිනෝවේ සිට මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් පවතින එල් නිනෝවක. මේ වෙනකොට ලංකාව ඇතුළු ලෝකයේ ගොඩක් රටවලට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම් පටන් අරන් තියෙන්නේ.

මේ එල් නිනෝවක් අද ඇවිත් හෙට ඉවර වෙන්නේ නෑ. මේක ඇත්තටම ගත්තොත් මාස 10-12ක් අවුරුද්දක් දක්වා තියෙන්න පුළුවන්. එල් නිනෝ කියන එක අවුරුද්දක්ම අපිට පායන්නෙත් නෑ, අවුරුද්දක්ම අපිට වහින්නෙත් නෑ ඒක තමා අපි පැහැදිලිව කියන්නේ එල් නිනෝ සංසිද්ධියත් එක්ක අපේ නිරිත දිග මෝසම, ඊසාන දිග මෝසම ඒ වගේම අපේ අන්තර් මෝසම් වගේම මේ වැසි රටාවන් සහ උෂ්ණත්වයට බලපෑම් කිරීමක් තමයි මේ එල් නිනෝවෙන් සිද්ධ වෙන්නේ. අපි පැහැදිලිව කියන්නේ අපේ නිරිත දිග මෝසමේ වැස්ස අඩු කරනවා ඊසානදිග මෝසමේ වැස්ස මුල් කාලයේ තරමක් වැඩිවෙනවා. ඊසානදිගේ අවසාන කාලයේදී වැස්ස අඩුවෙනවා. හැබැයි අපේ ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසම් කාලයේදී උෂ්ණත්වය තරමක් වැඩි වුණත් වැස්ස වැඩි වෙනවා. ඒ නිසා ඔක්තෝබර් නොවැම්බර් කාලවලදි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැසි ලැබේවි. සමහර අවස්ථාවල ගංවතුරක් එන්නත් පුළුවන්." 

මුළු මැද පෙරදිගම එකම ලේ විලක් - පලියට පලිය ගන්න සෞදි අරාබියෙන් මිසයිල ප්‍රහාර මාලාවක්

මුළු මැද පෙරදිගම එකම ලේ විලක් - පලියට පලිය ගන්න සෞදි අරාබියෙන් මිසයිල ප්‍රහාර මාලාවක්