රුසියානු යුක්රේන යුද්ධය අවසානයක් දකී - තීරණාත්මක අවසාන අදියරකට එළඹෙයි

Report

විදෙස් මාධ්‍ය පවසන්නේ පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බවයි.

රුසියානු හමුදා මේ වන විට කළු මුහුදේ පූර්ණ බලය තහවුරු කරගෙන ඇති අතර, ගොඩබිම් මෙහෙයුම් හරහා සුමි , කාර්කිව් සහ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් යන ප්‍රදේශවලට වේගයෙන් ඇතුළු වෙමින් සිටින බව වාර්තා වන අතර රුසියාව මේ වන විට හුදෙක් හමුදා කඳවුරු පමණක් නොව, යුක්රේන හමුදාවලට සහය වන සිවිල් යටිතල පහසුකම් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටියි.

සෞදි අරාබියෙන් යේමනයට දරුණු ප්‍රහාර - නැවතත් මැද පෙරදිග ගිනි ඇවිලෙයි

සෞදි අරාබියෙන් යේමනයට දරුණු ප්‍රහාර - නැවතත් මැද පෙරදිග ගිනි ඇවිලෙයි

වැඩිදුරටත් වාර්තා වෙන්නේ ඇමරිකානු සිවිල් යුද්ධයේ අවසාන කාලසීමාවේදී අනුගමනය කළ උපක්‍රමවලට සමාන මෙම ක්‍රියාවලිය හරහා යුක්රේනයේ විදුලි බලාගාර සහ ඉන්ධන පිරවුම්හල් විනාශ කරමින් පවතින බව හා හමුදා උපකරණ හෝ සෙබළුන් රැඳී සිටින සිවිල් ප්‍රදේශ වෙත ද ගුවන් ප්‍රහාර එල්ල කිරීමට රුසියාව පසුබට නොවන බවයි. අඛණ්ඩව එල්ල වන ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ විදුලි පද්ධතිය ඉතිහාසයේ දරුණුතම බිඳවැටීමට ලක්ව ඇත.

එළඹෙන දැඩි ශීත ඍතුවේදී උණුසුම් කිරීමේ පද්ධති සහ විදුලිය නොමැතිව මිලියන සංඛ්‍යාත යුක්රේන වැසියන් දැඩි අසීරුතාවයකට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. යුද පෙරමුණේ සිදුවන මෙම පසුබෑම හමුවේ යුක්රේන රජය තුළ දැඩි කලබලකාරී ස්වභාවයක් හටගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා, හමුදාපතිවරයා සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා යන තිදෙනාම එකවර ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති සෙලෙන්ස්කි පියවර ගෙන ඇත.

අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ලංකාවම අවදානමක - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගපොළගේගෙන් හෙළිදරව්වක්

අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ලංකාවම අවදානමක - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගපොළගේගෙන් හෙළිදරව්වක්

යුද්ධයක තීරණාත්මක අවස්ථාවක මෙලෙස ඉහළම හමුදා නායකත්වය වෙනස් කිරීම කියෙව් පාලනයේ පවතින අස්ථාවරත්වය විදහා දක්වන බව දේශපාලන විචාරකයෝ පවසති. යුක්රේනය සතු මිසයිල නාශක පද්ධති මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවසන් වී ඇති අතර, බටහිර රටවලින් ලැබෙන 'පේට්‍රියට්' වැනි නවීන ආරක්ෂක පද්ධති ලැබීමට ගතවන කාලය තුළ රුසියාව සිය ඉලක්ක සපුරා ගනු ඇතැයි විශ්වාස කෙරේ.

රුසියාව පවසන්නේ තමන් කිසිදු තාවකාලික සටන් විරාමයකට එකඟ නොවන බවත්, ස්ථිර සාමයක් සඳහා යුක්රේනය තුළ පවතින සියලුම විදේශීය හමුදා කඳවුරු සහ බටහිර අවි ආයුධ ඉවත් කිරීම, රුසියාව විසින් ඈඳාගත් ප්‍රදේශ නිල වශයෙන් රුසියාවට අයත් බව පිළිගැනීම කොන්දේසි සපුරාලිය යුතු බවත්ය. මෙම කොන්දේසිවලට එකඟ නොවන්නේ නම්, රුසියානු හමුදා තවදුරටත් ඉදිරියට ගොස් ඉතිරි ප්‍රදේශ ද අත්පත් කරගනු ඇති බවට මොස්කව් පාලනය අනතුරු අඟවයි.