මම දැන් ආදරෙන් පැරදුන කෙනෙක්, ඔහු මට වඩා වයසින් අඩු නිසා අපි වෙන් වුණා-රුක්ෂාණා දිසානායක (PHOTOS )
උතුම් පැතුම් ටෙලි නාට්‍යය හරහා රංගන ජීවිතය ඇරඹූ රුක්ෂානා දිසානායක ඊට පස්සේ නීල පබළු ටෙලිනාට්‍යයෙහි රෙෂ්මා වෙමින් බොහෝ ජනප්‍රියත්වයට පත් වූණා. ඒ වගේම මේ දිනවල හිරු නාළිකාවේ විකාශනය වන ‘ළංවී’ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය මේ වෙද්දි ටෙලි නාට්‍ය 50ක් විතර රඟපාලා තියෙනවා.
ඉතින් ඒ වගේම ඇයගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක් වුනාට අම්මා බුද්ධාගමේ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ නිසා පන්සලට, පල්ලියට විතරක් නෙවෙයි කෝවිලටත් ඇය යනවාලු. ඒ වගේම ඇයගේ තාත්තවත් අම්මවත් ඔයා මේ ආගම අදහන්න කියලා නීතියක් දාලා නැහැලු. හැබැයි තාත්තාගේ සංස්කෘතිය නිසා මුලදි ඇය රංගනයට එනවට පොඩි අකැමැත්තක් තිබුණාලු. ඒත් ලොකු බලපෑමක් කළේ නැහැ කියලයි ඇය කියන්නේ.
ඉතින් එයා නිතරම කිව්වේ මොන වෘත්තියක නියැළුණත් හොඳින් කරන්න ඕන කියලාලු. ඒ වගේම ඇය නොගැළපෙන ඇඳුම් අඳිනවට තාත්තා කැමති නැහැලු. ඉතින් ඒ නිසා තාත්තාගේ හිත නොරිද්දා ඇය මේ ගමන යන්න උත්සාහ දරනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය කෙනෙකුට ආදරේ කළාලු. නමුත් ඔහු ඇයට වඩා බාල කෙනෙක් නිසා ගෙවල්වලින් අකමැති වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒ නිසා ඒක නැවතුණාලු. ඉතින් දැන් ඇය ආදරෙන් පැරදිලාලු ඉන්නෙ.
ඉතින් ඒ නිසා ඇය කැමතියිලු ඇය තෝරගන්න කෙනා මේ ක්ෂේත්රයෙන් පිට කෙනෙක් වෙනවා නම්. ඉතින් ඇය මේ ක්ෂත්රයේ ඉන්න නිසා අත්දැකීම් තියෙන නිසා ඇය ඒ ගැන හොඳින්ම දන්නවාලු. ඒ වගේම මේ ක්ෂේත්රයේම කෙනෙක් වුණාම සමාජයෙන් හෝ කෙනෙකුගෙන් ඇයට ලැබෙන පිළිගැනීමම එයාටත් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසා සමහර වෙලාවට ඒ කෙනාට ඇය ගැන අගයක් නැති වෙන වෙලාවල් තියෙනවාලු.
ඉතින් ඒ නිසා එයාගෙ හිතේ ඇයට තියෙන වටිනාකම අඩු වෙනවා කියලා ඇයට හිතෙනවාලු.
ඒ වගේම ඉස්සර ගෙදර අය එක්ක වැඩි කාලයක් ගත කළාට විවාහ වුනාට පස්සේ ජීවිතේ ඉතිරි කාලයම ගත කරන්න වෙන්නෙ ඒ කෙනා එක්ක කියලත් ඇය කියනවා. ඉතින් ඔහුගේ ආදරය මත තමයිලු ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඉතින් එයා හොඳ තේරුම් ගන්න කෙනෙක් වෙනවා නම් මට ඇයට ඒ ඇතිලු





