ලංකාව අවට මුහුද රළු වෙයි - නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රළු මුහුදු ප්‍රදේශ සහ තද සුළං සඳහා උපදේශනයක් නිකුත් කර ඇති අතර, නාවික හා ධීවර ප්‍රජාවන්ට මෙන්ම වෙරළබඩ ප්‍රජාවන්ටද අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවයි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇති විය හැක. සුළං බටහිර සිට නිරිත දෙසින් හමා යයි. සුළං වේගය පැයට කිලෝමීටර 30-40 ක් පමණ විය හැකිය.

සෞදි අරාබියම හෙල්ලෙයි - සෞදි ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක්

සෞදි අරාබියම හෙල්ලෙයි - සෞදි ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක්

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යා හැකිය.

දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 45-50 දක්වා ඉහළ යා හැකිය. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

කොළඹට ජනතාවට සුභ ආරංචියක් - ලෝක බැංකුවෙන් ණය අරන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

කොළඹට ජනතාවට සුභ ආරංචියක් - ලෝක බැංකුවෙන් ණය අරන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය. හලාවත සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් (2.5 – 3.0) පමණ වැඩි විය හැක.

බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල රළ රැළි ඇතිවීම හේතුවෙන් රළ පහරවල් ඇති විය හැක. ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරකම්වල නියැලී සිටින නාවික සහ ධීවර ප්‍රජාවන්ට මෙන්ම ඉහත සඳහන් කළ ආසන්න වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන වෙරළබඩ ප්‍රජාවන්ට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස උපදෙස් දෙනු ලැබේ.