ලංකාවේ මුහුදු ප්‍රදේශය කැළඹෙයි - නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්
By Ashfa
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව පවසයි.
එබැවින්, නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙසට දැන්ම් දී ඇත.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 - 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද දැනුම් දී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.