මාස තුනක් තුළ වාර්තා වූ අඩුම තෙල් මිල වාර්තා වෙයි - ලෝකෙම සතුටු වුණත් 2027 වෙනකල් ඉවසන්න වෙයි

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ බලාපොරොත්තුවෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගෙන ගිය යුද්ධය අවසන් කිරීමට ඇති කරගත් මූලික එකඟතාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉකුත් මාස තුනක කාලය තුළ වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

එසේ වුවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු පාරිභෝගිකයින්ට මෙහි සැබෑ සහනයක් පෙට්‍රල් පිරවුම්හල්වලින් ලබා ගැනීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි.

ඉකුත් ඉරිදා දින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සමුද්‍ර සන්ධිය නැවත විවෘත වූ වහාම, ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බව ප්‍රකාශ කළ අතර ඔහු පසුගිය සති කිහිපය පුරාම මෙම ප්‍රකාශය කිහිප වරක්ම සිදු කර තිබූ බවත් වාර්තා විය.

සාමයේ පිහිටෙන් ලෝකෙටම සුබ වෙයි - තෙල් මිලෙන් නොසන්සුන් වූ සියලු දෙනා පුදුම කරමින් අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

සාමයේ පිහිටෙන් ලෝකෙටම සුබ වෙයි - තෙල් මිලෙන් නොසන්සුන් වූ සියලු දෙනා පුදුම කරමින් අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

එසේ වුවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන ආකාරයට මිල විශාල ලෙස පහත වැටීමේ හැකියාවක් කඩිනමින් සිදු නොවන බවයි.

ආසියානු වෙළඳපොළවල් උතුරු ඇමරිකානු වෙලඳපොලවලට වඩා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරන ලද තෙල් මත දැඩි ලෙස රඳා පැවතුනද, දැඩි සැපයුම සහ ස්ථාවර ඉල්ලුම ලොව පුරා මිල ගණන් ඉහළ යාමට හේතු වී තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු මෝටර් රථ සංගමයේ දත්තවලට අනුව, සඳුදා වන විටත් අමෙරිකාවේ පෙට්‍රල් මිල ගැලුමක් (ලීටර 3.78) ඩොලර් 4 සීමාවෙන් ඉහළ මට්ටමක පැවති අතර, එහි සාමාන්‍ය අගය ඩොලර් 4.06ක් වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය මැයි මස මුලදී වාර්තා වූ උපරිම මිල වන ඩොලර් 4.48ට වඩා සුළු පහත වැටීමක් විය. ඒ අනුව සංසන්දනාත්මකව බැලීමේදී, පෙබරවාරි 28 වැනි දින අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට මුලින්ම ප්‍රහාර එල්ල කරමින් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ කැළඹීමට ලක් කිරීමට පෙර, එහි මිල පැවතියේ ගැලුමකට ඩොලර් 2.98ක් වැනි මට්ටමක විය.

දරුණු රෝගයක් වේගයෙන් පැතිරේ - ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් දරුණු අවදානමක

දරුණු රෝගයක් වේගයෙන් පැතිරේ - ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් දරුණු අවදානමක

මේ අතර කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ඉකුත් සතියේ උද්ධමන වාර්තාවට අනුව, මෑත මාසවලදී එක්සත් ජනපදයේ බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එය ඉකුත් මාස දෙක තුළ පමණක් 7.7% කින් වැඩි වී ඇති අතර වසරකට පෙර සිට 40% කින් ඉහළ ගොස් ඇත.

එසේ වුවත් වොෂින්ටනය සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වීමත් සමඟ මිල ගණන් මඳක් පහත වැටීමට පටන් ගෙන ඇති අතර ඉන්ධන මිල ගණන් නිරීක්ෂණය කරන 'GasBuddy' ආයතනයේ තෙල් විශ්ලේෂණ ප්‍රධානී පැට්‍රික් ඩි හාන් පවසා ඇත්තේ, "සති අන්තයේ අමෙරිකාව සහ ඉරානය ඇති කරගත් මූලික එකඟතාවය ඉදිරි දින දෙක තුන තුළ මිල තවත් පහත වැටීමට අනිවාර්යයෙන්ම මග පාදනු ඇති" බවයි.

නෝර්වේ රජ පවුලටම කැළලක් - ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවම් - හේතුව මෙන්න

නෝර්වේ රජ පවුලටම කැළලක් - ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවම් - හේතුව මෙන්න

එහෙත් ඔහු අපේක්ෂා කරන්නේ මිල යම් මට්ටමක නතර වනු ඇති බවයි.

ඒ අනුව සටන් විරාමය පැවතුණද, පාරිභෝගිකයින්ට යුද්ධයට පෙර පැවති ගෑස් සහ ඉන්ධන මිල ගණන් නැවත දැක ගැනීමට 2027 වසර දක්වා බලා සිටීමට සිදුවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

ඒ "ගෝලීය තෙල් තොග නැවත යුද්ධයට පෙර පැවති මට්ටමට පත්වීමට මාස ගණනාවක්, සමහර විට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැකියි," යනුවෙන්.

ලොවක් කම්පා කළ එයාර් ඉන්දියා අනතුර සිදුව වසරක් ගත වුවත් අනතුර ගැන තවමත් ප්‍රශ්නාර්ථයක් - අවසාන වාර්තාව ළඟදීම

ලොවක් කම්පා කළ එයාර් ඉන්දියා අනතුර සිදුව වසරක් ගත වුවත් අනතුර ගැන තවමත් ප්‍රශ්නාර්ථයක් - අවසාන වාර්තාව ළඟදීම