ධීවරයන්ට හා නාවිකයන්ට රතු එළියක් - තද සුළං සමඟ මුහුද රළු වන ප්රදේශ මෙන්න
By Malith Madushan
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50–60 දක්වා වැඩි වන අතර, එම මුහුදු ප්රදේශ විටින් විට රළු වේ.
එබැවින්, ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.