කොළඹ මහල් නිවාසයකින් අවාසනාවන්ත පුවතක්- 14 වන මහලෙන් බිමට වැටී 12 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට
By Kanchana
කොළඹ 09 ප්රදේශයේ මහල් නිවාසයක සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ කොළඹ 09 ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ දරුවා මහල් 14කින් සමන්විත මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර මෙලෙස පහළට ඇදවැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ පිළිබද මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.