තවමත් පවතින අඩු පීඩන කලාපය නිසා ඉදිරි දිනවල මුහුද කැළඹෙන ලකුණු - මේ අයට විශේෂ දැනුම්දීමක්
මේ වන විට ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, ඉදිරි පැය 36 තුළ මෙරටින් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇති බව අපේක්ෂා කෙරුණද මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය සහ වැසි තත්ත්වය වැඩිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නිරිත දෙසින් හමා එන සුළගේ වේගය පැ.කි.මී. 25-35ක් පමණ වන බව සඳහන්.
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ද වාර්තා වේ.
එමෙන්ම කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බවත් දැනුම් දෙයි.
මීට සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - සවස 3.30 දක්වා වලංගු වන පරිදී මේ අයට මි.මි 200ට වැඩි තද වැසි තත්ත්ව
එසේම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ඇත.
කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.