අද්විතීය වාර්තාවකින් FIFA හෙල්ලෙයි - ලොව පුරා රසිකයින්ගේ ඔල්වරසන් මැද සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේන් ලෝක වාර්තාවක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී උස්බෙකිස්තානයට එරෙහිව තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදීම අතිවිශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට 41 හැවිරිදි පෘතුගාල සුපිරි ලෙජන්ඩ් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඊයේ(23) දින සමත් වී ඇත.
ඒ ලෝක පාපන්දු ඉතිහාසයේ එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදී ගෝල රැස්කළ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බවට පත් වෙමින්. ඒ අනුව තරගයේ මුල් භාගයේදීම පෘතුගාලය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.
එසේම සමස්ත ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමින්, පෘතුගාලයේ සුපිරි පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, උස්බෙකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේදී මෙම ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වී ඇත.
ඒ අනුව එම ඓතිහාසික ගෝලයත් සමඟ රොනාල්ඩෝ, මෙතෙක් ලෝක පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයෙකු ළඟාවීමට නොහැකි වූ අතිදැවැන්ත කඩඉමක් පසුකර ඇත.
මේ සමඟ ඔහු 2006, 2010, 2014, 2018, 2022 සහ වත්මන් 2026 යන එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදීම අවම ලෙස එක් ගෝලය බැගින් හෝ රැස්කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා වශයෙන් නිල වශයෙන් වාර්තා පොත් අතරට එක් වීමට සමත් විය.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි