පැය පහකට පස්සේ රෝහිත රාජපක්ෂ CCIB එකෙන් පිටව යයි
ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත අද (25) උදෑසන පැමිණි රෝහිත රාජපක්ෂ මහතා, එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.
ඒ පැය පහක් පමණ කාලයකට පසුව බව සඳහන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතනයක කළ ආයෝජනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙසේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබුණා.
කෙසේ වෙතත් විමර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු හෝ ඔහුට එරෙහිව ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් බලධාරීන් විසින් හෙළි නොකළ අතර විමර්ශනය දිගටම පවතින බව සඳහන්.