‘කුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ බල්ලා..’ – රෝහිණිගේත් කුට්ටිආරච්චිට දරුණු පහරක්…(VIDEO)

By Sewvandhi Nov 22, 2021 02:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

‘බදුල්ලේ තිස්ස කුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි. ගෙරි හමේ සුවඳ – චීන අශුචි සුවඳ ආවාම ඉවසන්න බෑ. අප තථාගතයානන්වහන්සේ කලා වගේ මී කිරියි – තණකොළයි කලා දැන් වමනේ කරනවා. පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි.

රජගෙදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කනවා. ඒක ගැන කිව්වාම චීන අශුචි පොහොර නැනෝ පෙහොර හොරා කාපු රජගෙදර එකා බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා’ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහණී කවිරත්න රත්තොට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් පැවසුවාය. මම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක කුක්කුර ජාතකේ රජගෙදර බදුල්ලේ බල්ලා බුරලා තිබුණා.

චීන අශුචි නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවනවා. නැනෝ පොහොරවලින් රු. කෝටි 1100 ක් හොරකං කරලා තියෙනවා. මේ වා ගැන කියනකොට මොණරාගල – බදුල්ලේ ගොවියොන්ගේ ඡන්දෙන් ආපු උන්ට පිස්සු හැදෙනවා. මේ හොරකම ලංකාවේ එක ගොවි පවුලකින් රු. 8000 ක් හොරකං කරලා තියෙනවා.

මොණරාගල ගොවියෝ අතර මේ හොරාකාපු මුදල බෙදුවොත් එක් පවුලකට රු. හාර ලක්ෂ තිස් දහසක් ලැබෙනවා. බදුල්ලේ ගොවියෝ අතර බෙදුවොත් රු. තුන් ලක්ෂ හැට දහසක් ලැබෙනවා. මැදමුලනේ කුඹුරු යායවත් අස්වද්දලා නෑ. බෙලිඅත්තේ, තිස්මහාරාමයේ කුඹුරු ටිකත් විනාශයි.

මේවා කියනකොට රජගෙර බල්ලා පිස්සු වැටෙනවා. බදුල්ලේ – මොණරාගල චන්දේ දුන්න අය ට බටු තියා දැන් ලබු ගෙඩිය ක්වත් නෑ. දැන් කාබනික බයියෝ ‘‘කිරි හට්ටියකුයි, තණකොළ ටිකකුයි‘‘ කාලා ඉවරයි. වමනේ දාන්නම වෙනවා. වමනේ දාපුවාම දැනගන්න පුළුවන් කොයි බල්ලා ද චීන අශුචි ඉන්දියන් නැනෝ පොහොර ගිලලා තියෙන්නේ කියලා. ර

ජ ගෙදර බල්ලා ගැන කවියක් තියෙනවා,

“රජමැදුරේ හැදුනු වැඩුනු – ලස්සන පෙනුමැතිව සිටින

රජ ගෙදර බල්ලන් හට – දඬුවමකුත් නැත්තේ

රැකවල් නැති පිහිටක් නැති – අපටයි මේ දඬුවම්!

කියලා තමයි දැන් බදුල්ලේ මොණරාගල ගොවියෝ කියන්නේ. මතක තියා ගන්න, මේ රටේ ගොවියෝ විනාශ කරලා, මොණරාගල, ඌවේ විතරක් නෙවෙයි මුළු රටේම බටු ගෙඩියක් හැදෙන්නේ නැති කාන්තාරයක් කරපු මේ ආණ්ඩුව ගහල ගන්න බටු ගැන කතා කරනවා. ඔය කියන ජාතියේ ගහල, පලා වර්ග, බටු හැදුණ රටක් තමයි අද බෝංචි 700 යි, තක්කාලි 800, අල 450 යි, කැරට් 800 යි, කෙහෙල් මුවත් රු. 200 යි.

අලු කෙසෙල් රු. 240 යි වෙලා තියෙන්නේ. මහ කන්නේ ඉවරයි. අද ඉදන් ශාක පොහෝෂක කියලා යූරියා ගෙන්වනවාලු. මේ හදන්නේ චීන අශුචි නැවේ මිලිය 6.7 ක ගඳ වහගන්න. අද ගොවියාට ඕනි දිලීර නාශක, කෘමි නාශක, වල් නාශක යි. කෘෂිකර්ම අමාත්‍යාංශය දන්නේ නෑ මේවා ගෙන්වනවාද? කවද්ද ගෙවන්නේ?

කොච්චර ද ගෙන්වන්නේ? කොහොම ද බෙදන්නේ කියලා. කෘෂි රසායනය රිවස් කිරීම රට රවටන බොරුවක්. මේ හදන්නේ කෘෂි රසායන ඒකාධිකාරය තන සමාගමකට දීලා කෝටි ප්‍රකෝටි ගානක් හොරකම් කරන්නයි. වෙනදා වගේ විවෘත වෙළෙඳපොලේ පොහොර බෙහෙත් නැතිනම් ගොවිතැන ඉවරයි යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. – මාධ්‍ය ඒ්කකය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW