RMV ලොක්කා ලබන 30 දක්වා රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් මත ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.
පුළුවන්නම් මගේ දුවට පඩිපෙළ උඩ තියලා කෙළවලා පෙන්නපන් - දිල්කට කැත කතාවක් කියපු සුදාට දිල්කගේ තාත්තගෙන් නඩු
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් ඊයේ (27) ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ ව්‍යාජ ලියාපදිංචි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුවය.
සැකකාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය පනවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.