මුළු ලොවක් හැඩවූ නෝඑලියාගේ හද සසල කරවන කතාව
ස්පාඤ්ඤයෙන් හදවත සසල කරවන පුවතක් වාර්තා වුණා. ඔව් මටනම් හිතුණේ එකම දෙයයි . ඒ ගෑනු ළමයෙක්ට හිත හයියද මේ තරම් දැඩි තීරණයක් ගන්න .
ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ ජීවත් වූ නෝඑලියා කස්ටිලෝ රමෝස් (අවුරුදු 25) තම ජීවිතය කැමත්තෙන්ම නීතිමය ආකාරයට 2026 මාර්තු 26 වන දින අවසන් කරා.
ස්පාඤ්ඤය, ස්වේච්ඡා මරණය (Euthanasia) නීතිගත කළ රටක් වුවද නෝඑලියාගේ සිදුවීම සුවිශේෂී වන්නේ, ස්වේච්ඡා මරණයක් සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයෙකු අධිකරණයට ගොස් එය නතර කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය වීම නිසාය. නොඑලගේ මේ අනුවේදනීය කතාවට මුල් පුරන්නේ වසර හතරක් පුරා ඇය ඇසුරු කළ ඇගේ එවකට සිටි පෙම්වතාය. එනම් ඇය මුල් වරට ලිංගිකව අපයෝජනයට ලක් වන්නේ ඔහු අතිනි. ඉන් අනතුරුව රාත්‍රී සමාජ ශාලාවකදී (nightclub) පුද්ගලයන් දෙදෙනෙකු ඇයට අපයෝජනය කිරීමට උත්සාහ කර තිබූනද, ඇය ජීවිතය අත් හැර යාමට තීරණය කරන්නේ 2022 වසරේය.
එනම් 2022, එක්තරා දිනක රාත්‍රියේ, ඇය තම මිතුරියන් සමග බාසිලෝනාහි රාත්‍රී සමාජශාලාවකට (Nightclub) ගොස් තිබූ අතර එහිදී මුණගැසුණු තරුණයන් පිරිසක් ඇයට සහ ඇයගේ මිතුරියට මත්පැන් පානය කිරීමට ලබා දී, පසුව එම තරුණයන් පිරිස විසින් නොයෙලියාව සමූහ දූෂණයකට ලක් කර තිබෙනවා. එම අවස්ථාවේදී ඇය දැඩි ලෙස මත් වී සිටි නිසා ඇයට තමන්ව ආරක්ෂා කර ගැනීමට හෝ විරුද්ධ වීමට ශක්තියක් තිබී නැහැ.
සමහර වාර්තා පෙන්වා දෙන්නේ මෙය ඇය ජීවත් වූ රජයේ රැකවරණ මධ්‍යස්ථානයකදී සිදු වූ බවයි. ඉන් ඇති වූ දැඩි මානසික කම්පනය නිසා අවසන් අපයෝජනයෙන් දින කිහිපයකට පසු, එනම් 2022 ඔක්තෝබර් 4 වන දින නොඑල ගොඩනැගිල්ලක 5 වන මහලෙන් පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණි.

නමුත් එම සිය දිවි නසා ගැනීමේ උතසහය ඇයගේ ජීවිතය අවසන් නොකර නොඑලව සදාකාලිකවම අංශභාග තත්වයට පත් කරන ලදී. එනම් ඒ වැටීම තුලින් ඇයගේ කොන්දේ අස්ථි බිඳී ගොස් ඉණෙන් පහළ කොටසෙහි ප්‍රාණය නිරුද්ද වී ජීවිත කාලයටම රෝද පුටුවකට සීමා වීය. මෙ හේතුන් මත දැඩි ශාරීරික වේදනාවකට, ස්නායු ආබාධ මෙන්ම, දරුණු විශාදය සහ තවත් මානසික රෝගී තත්ත්වයන්ගෙන්ද පීඩා විදී ඇය මෙයින් පසුව ද වාර ගණනාවකදී ඇය සිය දිවි තොර කර ගැනීමට උත්සහ දරා තිබෙනවා.
ඒ සියල්ලම ව්‍යර්ථ වූ තැන්හි නොයෙලියා විසින් තම ජීවිතය හැර යාම සඳහා වූ සුදුසුම ක්‍රමවේදය ලෙස 2024 වසරේදී එරට අධිකරණයෙන් නීත්‍යානුකූල ස්වේච්ඡා මරණය ඉල්ලා සිටියා.
එනම් ස්පාඤ්ඤයේ නීතියට අනුව සුව කළ නොහැකි රෝගයකින් හෝ දරාගත නොහැකි පීඩාවකින් ඉන්න කෙනෙකුට මියයන්න අවසර ඉල්ලන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව, ස්පාඤ්ඤයේ 2021 වසරේ සම්මත වූ නීතිරීතිවලට අනුකූලව, වෛද්‍ය සහාය ඇතිව ගෞරවනීය ලෙස මරණය වැළඳ ගැනීමට ඇය නිල වශයෙන් ඉල්ලුම් කළ අතර වෛද්‍ය මණ්ඩල විසින් ඇගේ තත්ත්වය සලකා බලා එම ඉල්ලීම ඒකමතිකව අනුමත කළත්, තම එකම දියණිය තරුණ විදීම ජීවිතය හැර යමට් අගත තීරණය දරා ගත් නොහැකි වූ නොඑලගේ පියා සහ ඇතැම් කොන්සවේටිව් ක්‍රිස්තියානි සංවිධාන ඊට දැඩිව විරුද්ධ විය. ඇයට නිවැරදි තීරණ ගැනීමේ මානසික හැකියාවක් නොමැති බව පවසමින් පියා අධිකරණයට ගියේය.

දින 600කට ආසන්න කාලයක් පුරා ඇයට තමාගේ මරණය වෙනුවෙන් තමාගේම පියා සහ නීති පද්ධතිය සමඟ සටන් කිරීමට සිදුවිය. නමුත් වසර දෙකක් තිස්සේ ඇය විඳින වේදනාව දැකපු අධිකරණය අවසානයේ,ඇයට මිය යාමට අයිතිය ඇති බව තීන්දු කළේ, ඇය දැඩි ශාරීරික හා මානසික පීඩාවකින් පසුවන බවත්, ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඇයට ඇති බවත් තහවුරු වූ බැවින් අවසානයේදී, ස්පාඤ්ඤයේ ඉහළම අධිකරණය පමණක් නොව යුරෝපීය මානව හිමිකම් අධිකරණයද ඇයට ජීවිතයෙන් සමුගැනීමට ඇති අයිතිය නීත්‍යානුකූලව තහවුරු කළේය. මිය යාමට පෙර ලබා දුන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ ජිවිතයේ මුහුණ දුන් අමිහිරි අධ්දකිම සියල්ල මෙලෙසට සිහිපත් කරමින් ඇය පවසා තිබුනේ,
"මට දැන් අවශ්‍ය මේ දුක නතර කර සහනයක් ලබන්න පමණයි. මට ලස්සනව මැරෙන්න ඕන. මට ලස්සනවම පෙනෙන්න මැරෙන්න ඕන,” යනුවෙනි.
එමෙන්ම ඇය තම ලස්සනම ඇඳුම ඇඳගෙන, මේකප් කරගෙන සිටීමටත් බලාපොරොත්තු වන බවත්ය. එහෙත් ඇයගේ මරණිය මොහොතට සිය පවුලේ අයට සමුගැනීමට ආරාධනා කළද, අවසාන මොහොතේ තම රැකවරණ මධ්‍යස්ථානයේ නිදන කාමරයේ තනිවම සිටීමට ඇය කැමති වී තිබුනා.

ඒ අනුව වෛද්‍යවරුන්ගේ සහය ඇතිව 2026 මාර්තු 26 වන දිනනොඑලා සාමකාමීව මෙලොව හැර ගියාය ස්වේච්ඡා මරණය, නීතිගත කළ ලොව හයවන රට වූ ස්පාඤ්ඤය 2021 ජූනි 25 දින සිට මෙය බලාත්මක කල අතර, එය ලෝකයේ පවතින වඩාත් ප්රගතිශීලී මෙන්ම දැඩි කොන්දේසි සහිත නීතිවලින් එකකි.
මෙම නීතිය යටතේ අවසර ලබාගැනීමට සම්පූර්ණ විය යුතු ප්‍රධාන කොන්දේසි මෙසේය
එනම් අයදුම්කරු ස්පාඤ්ඤ පුරවැසියෙකු හෝ අවම වශයෙන් වසරක් එරට පදිංචිව සිටි අයෙකු විය යුතුය.
එසේම තීරණයක් ගැනීමට හැකි සිහිකල්පනාව ඇති (conscious) වැඩිහිටියෙකු විය යුතුය. සුව කළ නොහැකි, දරුණු සහ ශාරීරිකව හෝ මානසිකව දැඩි වේදනාවක් ගෙන දෙන රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන් විසින් තහවුරු කළ යුතුය.
එමෙනම් කිසිදු බාහිර බලපෑමකින් තොරව, අවම වශයෙන් දෙවතාවක් ලිඛිතව මෙම ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය (පළමු ඉල්ලීමෙන් දින 15කට පසුව දෙවන ඉල්ලීම කළ යුතුය).
තවද රෝගියාගේ පෞද්ගලික වෛද්‍යවරයාට අමතරව, ස්වාධීන වෛද්‍යවරයෙකු සහ රජය විසින් පත් කරන ලද විශේෂ "ඇගයීම් සහ පාලන කොමිසමක" (Guarantee and Evaluation Commission) අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.
එසේ ලද පසුව වෛද්‍යවරයා විසින් ඖෂධ ලබා දීම (Euthanasia) හෝ රෝගියාටම ඖෂධය පානය කිරීමට සැලැස්වීම (Assisted suicide) යන ක්‍රම දෙකම භාවිත කර ඔහුට සැනසිලි දයක් මරණයක් උරුම කර දෙන අතර ඕනෑම වෛද්‍යවරයෙකුට තමාගේ හෘද සාක්ෂියට එකඟව මෙම ක්‍රියාවලියට දායක නොවී සිටීමට (Conscientious objection) අයිතිය ඇත.
කැනඩාව, ස්විට්සර්ලන්තය වගේ රටවල් මේ "ගෞරවනීය මරණයට" ඉඩ දුන්නත්, 25 හැවිරිදි තරුණියක් මෙවැනි තීරණයක් ගැනීම මුළු ලෝකයේම හෘද සාක්ෂිය හොලවන්න සමත් වෙලා තියෙනවා.
සමාජයේ අසාධාරණයන් හමුවේ වේදනාවන් තුලින් අවසානයක් නොදකින, ජීවිතයේ බලාපොරොත්තු විනාශ වූ මිනිස්සු තම ජීවිතය තුල අවසානය නීතිය මගින් බලාපොරොත්තු වීම ඛේදවාචකයකි.
නොලීයා කැස්ටිලෝගේ කතාව හුදෙක් නීතිමය ජයග්‍රහණයක් පමණක් නොවේ. එය මිනිස් සංවේදනාවේ ගැඹුර සහ පුද්ගල නිදහස පිළිබඳව මුළු ලෝකයටම දැවැන්ත ප්‍රශ්නාර්ථයක් මෙන්ම ප්‍රබල පණිවිඩයක් අපට ඉතිරි කර තිබෙන බවනම් කිව යුතුය
