රිවස්ටන් කලාපය දෙස් විදෙස් සංචාරකයින්ට යළි විවෘතයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් කලාපය දෙස් විදෙස් සංචාරකයින්ට යළි විවෘත කර ඇත.
රිවස්ටන් කලාපයට මාතලේ සහ ලග්ගල දෙසින් ඇතුලුවීමට තිබූ මාර්ගය සුළි කුණාටුවත් සමඟ අබලන් වී තිබූ නමුත් සැහැල්ලු වාහනවලට පමණක් යළි රිවස්ටන් කලාපයට ඇතුළුවීමේ හැකියාව පවතින බව මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා පවසා ඇත.