ජනප්‍රිය නිලි රිතූ ආකර්ෂා කඩවසම් නළු පැතුම් රුක්ෂාන් සමඟින් හදිසියේම යුග දිවියට..?(PHOTOS)

By Sithumi Nov 25, 2022 01:50 PM GMT
Sithumi

Sithumi

Report

උතුම් පැතුම් ටෙලි නාට්‍ය හරහා අපේ රටේ කාගේත් ආදරය දිනා ගත්ත දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි රිතූ ආකර්ශා කියලා කියන්නේ. ඉතින් පහුගිය කාලයේ හිරු නාලිකාවේ විකාශනය වුනු මහවිරු පණ්ඬු ටෙලිනාට්‍ය ඔස්සේ අපූරු චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි ඇය දැන් නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරමින් ඉන්නවා.

 හිරු නාලිකාවේ විකාශනය වන කවුරුත් ආසාවෙන් නරඹන විනෝදාත්මක වැඩසටහනක් වන ජල්ලි ජකිරි වැඩසටහන හරහා. 

 ඉතින් ජල්ලි ජකිරි වැඩසටහන හරහාද දැන් ඇයට බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. 

කොහොම වුණත් රිතූ ආකර්ෂා කියලා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මොකද ඇය නිර්නත්රයෙන්ම ලස්සන ෆොටෝශූට් හරහාද, මියුසික් වීඩියෝ හරහාද අපට ඇයව දැකගන්න ලැබෙනවා

ඉතින් ඒ වගේම අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි පැතුම් රුක්ෂාන් කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම මේ දවස්වල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා ඔහු ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඒ වගේම ඔහුත් හිරු නාලිකාවේ විකාශය වෙන ජල්ලි ජකිරි වැඩ සටහනේ නිවේදනශිල්පියා විදිහට කටයුතු කරනවා.  

ඉතින් ඒ ඔක්කොටම අමතරව ඔහුගේ ව්‍යාපාරය වන සැලෝන් PR එකේ වැඩ කටයුතුත් ඔහු සමබරව කරගෙන යනවා. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියා පහුගිය දවසක විවාහ වෙලා දැන් ආදරණීය බිරිඳත් එක්ක සුන්දර ජීවිතයක් ගත කරන බවත් කාටත් රහසක් නම් නෙවෙයි.

කොහොම නමුත් පැතුම් රුක්ෂාන් පහුගිය දවසක රිතූ ආකර්ෂාත් එක්ක එකතුවෙලා ලස්සන වෙඩින් ෆෝටෝශූට් එකක් කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාවේදී මේ දෙන්නව මේ තරම් ලස්සනට ආදරණීය විදිහට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Fine Art Photography ආයතනය විසිනුයි.   

එම ජායාරූප පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery