අද ශිරන්තිට මොනවා වෙයිද? මුළු ලංකාවම බලන් ඉන්න ශිරන්තිගේ විශේෂඥ වෛද්ය වාර්තාව අධිකරණයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වෛද්ය මණ්ඩලයේ නිර්දේශ ඇතුළත් වාර්තාව අද (16) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව එම වාර්තාව තමාට ලැබුණු බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා තහවුරු කළ බව සඳහන්.
ඔහු කියා ඇත්තේ අඳාළ වාර්තාව බන්ධනාගාර කොමසාරිස්වරයා මාර්ගයෙන් අධිකරණයට අද භාර දෙන බවයි.
එසේම විශේෂඥ වෛද්යවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ වෛද්ය මණ්ඩලය ඉකුත් දින පත් කරනු ලැබුවේ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසිනි.
එමෙන්ම ශිරන්ති රාජපක්ෂ අද දිනය තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉකුත් 13 වන දින නියෝග කර තිබුණා.
ඒ, සිරිලිය සවිය සංවිධානය ඔස්සේ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සි.ටි. ස්කෑන් යන්ත්රයක් ලබාදෙන බවට සඳහන් කර ඒ සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන, රජයේ මුදල් සාපරාධී සාවද්ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත පැනවූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.