දැරිය නොහැකි ප්‍රමාණයකින් මේ ගාස්තු ඉහළට.. හඳුන්වා දුන් නව ගාස්තු ක්‍රමවේදයට දැඩි විරෝධයක්

Report

ව්‍යාපාරික ස්ථානවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට අය කෙරෙන ගාස්තු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දැරිය නොහැකි ප්‍රමාණයකින් ඉහළ දමා තිබීම හේතුවෙන් දිවයින පුරා ව්‍යාපාරික ස්ථානවලට දැඩි ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ව්‍යාපාරිකයෝ චෝදනා කරයි.

පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, සුපිරි වෙළෙඳසල්, හෝටල් ආදී ව්‍යාපාරික ස්ථාන බොහෝමයක සාමාන්‍ය දැන්වීම් පුවරු සහ ආලෝක කරන ලද දැන්වීම් පුවරු සවි කරයි.

කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රමුඛතා සහ ප්‍රමුඛතා නොවන ස්ථානවල පිහිටි ව්‍යාපාරික ස්ථානවල දැනට සවි කර ඇති මෙවැනි දැන්වීම් පුවරු සහ අලුතින් සවි කරන දැන්වීම් පුවරු සඳහා නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව සඳහන්.

එබැවින් එම ගාස්තු ක්‍රමවේදයට අනුව පුවරුවක් සකස් කිරීමේදී අති විශාල ගාස්තුවක් බදු ලෙස වැය කිරීමට වන බව ව්‍යාපාරිකයෝ චෝදනා කරයි.

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

එසේම මෙම නව ගාස්තු සංශෝධනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ චක්‍රලේඛයට අනුව ප්‍රමුඛතා නොවන ස්ථානවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමේදී මහ නගරසභා සහ නගරසභා බල ප්‍රදේශ තුළ වර්ග මීටරයකට වාර්ෂික ගාස්තුව තනි පැත්ත රුපියල් පන්දහසක් ලෙසත් දෙපස, හත්දහස් පන්සීයක් ලෙසත් ඉහළ දමා ඇති බව සඳහන්.

එම ගාස්තුවට අමතරව සැකසුම් ගාස්තුව වශයෙන් තනි පැත්තකට රුපියල් දෙසිය පනහකුත් දෙපසකට රුපියල් තුන්සිය හැත්තෑපහකුත් අය කරන අතර නැවත ගෙවනු ලබන තැන්පතු මුදලක්ද අය කරන බව වාර්තා වේ.

තවද මහ නගරසභා සහ නගරසභා බල ප්‍රදේශයක ඇති අභ්‍යන්තර ආලෝක කරන ලද දැන්වීම් පුවරු තනි පැත්තක ගාස්තුව විසි පන්දහසක් දක්වාත් දෙපස ගාස්තුව තිස් පන්දහසක් දක්වාත් ඉහළ දමා ඇති බව චක්‍රලේඛයේ සඳහන් බව වාර්තා වේ.

සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න

සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න

මේවාටද සැකසුම් ගාස්තු සහ නැවත ගෙවනු ලබන තැන්පතු මුදලක් ද අය කරන බවත් මීට ඉහතදී වර්ග මීටරයක් සඳහා පැවතියේ රුපියල් තුන්දහස් අටසීයක් වැනි ගාස්තුවක් බවත් මේ වන විට එය තිස්පන්දහසක් දක්වා ඉහළ නංවා තිබීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්වන බව ව්‍යාපාරිකයෝ පවසයි.

ඊට අමතරව ඔවුන් සඳහන් කරන්නේ මෙම නව ගාස්තු ක්‍රමවේදයට අනුව ව්‍යාපාරික ස්ථානයක ආලෝක කරන ලද දැන්වීම් පුවරුවක් සවි කිරීමට ලක්ෂ හතරකට අධික බදු මුදලක් වාර්ෂිකව ගෙවීමට වන බවත් මාසිකව රුපියල් තිස්පන්දහසකට අධික මුදලක් දැන්වීම් පුවරුවට බදු ගෙවීමට වැය වන බවයි.

එමෙන්ම ආලෝක කරන ලද දැන්වීම් පුවරු සඳහා දෙපසට වෙන වෙනම අය කිරීම අසාධාරණ බවද ඔවුහු පෙන්වා දෙයි.

මේ අතර දැන්වීම් පුවරු සවි කිරීමට පෙර පැවැති ගාස්තු මුදල් දරා ගැනීමට නොහැකි වීම නිසා දැනටත් ඇතැම් ව්‍යාපාරිකයෝ දැන්වීම් පුවරු සවි කිරීමෙන් වැළකී සිටින අතර මෙවර ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් නාම පුවරු සහ දැන්වීම් පුවරු ගලවා ඉවත් කරගැනීමට කටයුතු කරනු ඇති බවද ඔවුන් පවසයි.

මෙමඟින් දැන්වීම් පුවරු නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්ටද අති විශාල බලපෑමක් වන බවත් නගර අලංකරණද සීමා සහිත වනු ඇති බවටත් ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරයි.

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

ඒ අනුව ව්‍යාපාරවල ප්‍රචාරණ කටයුතු අඩපණ වීමෙන් ආදායම් අඩු වීමට එය විශාල බලපෑමක් වනු ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපයෙන් මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇති බවටත් ව්‍යාපාරිකයෝ අනතුරු අඟවයි.

මේ අතර දැන්වීම් පුවරු ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චිගෙන් කළ විමසීමකදී ඔහු විශාල ප්‍රමාණයකින් ගාස්තු ඉහළ නැංවීමට හේතු වූයේ 2017 වසරෙන් පසු ගාස්තු ඉහළ දමා නොමැති වීම බව පැවසූ බව වාර්තා වේ.

එසේම වර්ග මීටර ප්‍රමාණය අනුව තවත් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී කිරීමට නියමිත වන බව ද ඔහු පැවසූ බව සඳහන්.

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි