පෑලියගොඩ ප්‍රධාන මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල පහළට

Report

පෑලියගොඩ ප්‍රධාන මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල සැලකිය යුතු මට්ටමකින් පහළ යාමත් සමඟ එහි වෙළෙඳ කටයුතු ඉතාමත් සක්‍රීය වී තිබේ.

මෙම හදිසි මිල අඩුවීම හේතුවෙන් දෛනිකව මසුන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය පාරිභෝගික ජනතාවට මහත් අස්වැසිල්ලක් වී ඇත.

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

මිල අඩුවීම හේතුවෙන් දෛනික අලෙවි පරිමාව සහ ආදායම වර්ධනය වී ඇති බව පවසන මත්ස්‍ය වෙළෙඳුන්, ඉහළ මිල ගණන් නිසා අඩපණව තිබූ සිය ව්‍යාපාරික කටයුතු යළි ප්‍රාණවත් වූ බව සඳහන් කරයි.

මෙම සාධාරණ මිල මට්ටම ඉදිරියටත් පැවතුණහොත් එය කර්මාන්තයට මෙන්ම ජනතාවට ද එකසේ වාසිදායක වන බව වෙළෙඳ ප්‍රජාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම වසරේ ජල ගාස්තු ඉහළ දැමීම ගැන විශේෂ දැනුම්දීමක්

මෙම වසරේ ජල ගාස්තු ඉහළ දැමීම ගැන විශේෂ දැනුම්දීමක්